අද වන විට රට ඇත්තේ කොරෝනා බෝම්බයක් අභියස බව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය මයුර දෙවොලගේ මහතා සඳහන් කරයි. ගර්භනී මවුවරුන් ඉතා බර...
අද වන විට රට ඇත්තේ කොරෝනා බෝම්බයක් අභියස බව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය මයුර දෙවොලගේ මහතා සඳහන් කරයි.
ගර්භනී මවුවරුන් ඉතා බරපතල අනතුරක බවත් සියළු ඝර්භනී මවුවරුනට කොරෝනා වැළඳුණහොත් 500ක් ඉන් මරණයට පත් වනු ඇති බවත් ඒ මහතා කියා සිටී.
එනිසා ගැබිණි මවුවරුනට ඉක්මනින්ම කොරෝනා එන්නත් ලබා දිය යුතු බවත් රටේ සෞඛ්‍ය අංශ ඒ සදහා සූදානම් කල යුතුව ඇතැයිද ඔහු පවසයි.
අද වන විට වෛද්‍යවරුන් සඳහා දත්ත ගබඩාවක් නැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ක්‍රමවේදයක් නැති බවත් පවසන ඔහු ලොව අකාර්යක්ෂම ආයතනයක් ලෙස මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය නම් කළ හැකි බවද ඔහු කියා සිටී.
ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

COMMENTS