නව අමාත්‍යවරුන්ට අයත් විෂය පථ 2019 වසර එළඹීමට පෙර ගැසට් කිරීමට කටයුතු කෙරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කළේය. අතිශය පෞද්ගලික සංචාරයකට එ...
නව අමාත්‍යවරුන්ට අයත් විෂය පථ 2019 වසර එළඹීමට පෙර ගැසට් කිරීමට කටයුතු කෙරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කළේය.
අතිශය පෞද්ගලික සංචාරයකට එක්ව සිටින ජනාධිපතිවරයා ලබන 30 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.
සැලසුම් කල පරිදි ජනාධිපතිවරයා දිවයිනට පැමිණියහොත් රනිල් 31 වනදා අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ අමාත්‍යවරුන්ගේ විෂය පථ බෙදා ගැනීම සම්බන්ධයෙන් ජනපති හා අගමැති අතර පැවති බොහෝ මතභේද සමථයකට පත් වී ඇති බවයි.
මේ අතර රාජ්‍ය මාධ්‍ය සඳහා සිය නියෝජිතයින් මේ වන විට ජනාධිපතිවරයා නම් කර අවසන් බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS