පවතින වසංගත තත්ත්වයත් සමග තවදුරටත් රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්...
පවතින වසංගත තත්ත්වයත් සමග තවදුරටත් රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. උග‍්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වසංගතය හමුවේ ඉතාම කනගාටුදායක ලෙසින් කොරෝනා ආසාදනය වූ ගර්භණී මාතාවක්ද ඊයේ (05 වැනිදා) මිය ගියාය. එය මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ ප‍්‍රථම ගර්භණී මරණයද වේ.
එසේ මරුමුවට වී තිබුණේ රාගම බටුවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි ගැබිනි කාන්තාවකි. රාගම රෝහලේදී ඇය මියගොස් ඇත.
බි‍්‍රතාන්‍යයේ පැතිර ගිය බී 1.17 වෛරස් කාණ්ඩය මෙරට තුළ ව්‍යාප්ත වීමට ආරම්භ වීමත් සම`ග ගෙවී ගිය දින හතක කාලය තුළ අඛණ්ඩව 1500 ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර පෙරේදා (04 වැනිදා) දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1914 ක් විය. එහිදී ප‍්‍රථම වතාවට කොළඹ දිස්ති‍්‍රක්කය අභිබවා ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් හ`දුනාගෙන තිබුණු අතර එම සංඛ්‍යාව 542ක් විය.
මෙම තත්ත්වය තුළ මේ වන විට දිනෙන් දින රට ඉතාම භයානක පැත්තකට ඇදී යමින් තිබෙන බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.
මෙරට කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම ස`දහාම වෙන්වූ රෝහල් කිහිපයක් පවතින අතර එම රෝහල්වල කොරෝනා ආසාදිතයන් ස`දහාම වෙන් කෙරුණු ඇ`දන් 110 කින් යුතු දැඩි සත්කාර ඒකක පහසුකම්ද පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ස`දහන් කළේය.
අලූත් අවුරුද්දෙන් පසුව ඇතිවූ තත්ත්වයත් සම`ග මේ වන විට එම දැඩි සත්කාර ඒකක තුළ බරපතළ ලෙස සංකූලතා දක්වන කොරෝනා රෝගීන් 57 දෙනකු සිටින බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් එම දැඩි සත්කාර ඒකක ඇ`දන් ප‍්‍රමාණයට අමතරව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඇ`දන් 38 ක්ද සමගින් මෙරට රෝහල් තුළ ඇති මුළු දැඩි සත්කාර ඒකක ඇ`දන් ප‍්‍රමාණය 613 ක් බවද ඒ මහතා පැවසීය.
මේ වන විට මෙරට තුළ ගර්භණී මාතාවන් 75 දෙනකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවද ඊයේ වන විට අනාවරණය විය.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ එකොළහක් සිදුවූ බවට ඊයේ (05 වැනිදා) පස්වරුව වන විට සෞඛ්‍ය අංශ සදහන් කළේය.
මෙම මරණ එකොළහත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 720 දක්වා ඉහළ ගිය අතර ඊයේ වාර්තා වූ මරණ එකොළහ අතරින් දස දෙකනුම මරණයට පත්ව තිබුණේ උග‍්‍ර කොරෝනා නියුමෝනියා තත්ත්වය හේතුවෙන් බවද සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 822 දෙනකු ඊයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබිණි.
එම සංඛ්‍යාවත් සම`ග කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයන්ගේ ගණනද ලක්‍ෂයේ සීමාව ඉක්මවා යමින් 100075 දක්වා වැඩි විය.
එසේම තවත් කොරෝනා ආසාදිතයන් 1259 ක් අලූත් අවුරුදු පොකුරෙන් හ`දුනා ගත් බව ඊයේ පස්වරු 6.00 පමණ වන විට ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළ අතර එම ආසාදිතයන් ගණනත් සම`ග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණනද 116849 දක්වා ඉහළ ගියේය.
මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ මෙරට තුළ සිදු කරන පීසීආර් පරීක්‍ෂණ එකොළහකට එක් ආසාදිතයකු වාර්තා වන තත්ත්වයක් මේ වන විට ඇතිවී තිබෙන බව ඒ පිළිබ`දව සමීක්‍ෂණයක යෙදුණු සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආයතනය ස`දහන් කර තිබිණි.
මේ අන්දමට දිනෙන් දින වාර්තා වන ආසාදිතයන් ප‍්‍රමාණය ඉහළ යමින් තිබියදී වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වූ ප‍්‍රදේශ ලෙස හ`දුනාගත් දිස්ති‍්‍රක්ක හතරකට අයත් තවත් ග‍්‍රාම නිලධාරී වසම් 12 ක් ඊයේ පෙරවරුවේ සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි හුදෙකලා කළ බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
ඒ අනුව පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ති‍්‍රක්ක 14කට අයත් පොලිස් බල ප‍්‍රදේශ හයක් සහ ග‍්‍රාම නිලධාරී වසම් 98 ක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු මාලබේ ප‍්‍රදේශයේ නිවසකදී හදිසියේ මියයෑමේ සිදුවීමක්ද ඊයේ සිදුව තිබිණි.
සැමියා බිරි`ද සහ ඔවුන්ගේ ඥාතියකු වන අසල්වැසි කාන්තාවක් මෙසේ මරණයට පත්ව තිබුණු අතර එම යුවළගේ පුත‍්‍රයා සහ ඔහුගේ බිරි`ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය අංශ ස`දහන් කළේය.
මේ අතර හම්බන්තොට සූරියවැව ප‍්‍රාදේශීය ලේකම්වරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වන විට සෞඛ්‍ය අංශ හ`දුනාගෙන තිබිණි.
මේ හේතුවෙන් එම කාර්යාලයේ සේවය කළ නිලධාරීන් 48 දෙනකු නිරෝධායනයට යොමුකර ඇති අතර ති‍්‍රකුණාමල ප‍්‍රාදේශීය ලේකම්වරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
එසේම ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී ඇතුළු පස් දෙකනුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් එහි සිටින සියලූම නිලධාරීන්ට රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණි.
ඇතිවී තිබෙන වසංගතය හේතුවෙන් ඉකුත් සතියක පමණ කාලය තුළ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ කොරෝනා ආසාදිතයන් දස දෙනකු පමණ මියගොස් ඇති අතර එම මරණ කිහිපයක් දින ගණනාවක සිට රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට සිදුවීමෙන් රෝහල් සේවකයන් දැඩි අසීරුතාවකට පත්ව ඇත.
මියගිය අයගේ සිරුරු ආදාහනය කිරීම ස`දහා මහයියාව ආදාහනාගාරයේ කාලය වෙන් කරවා ගැනීමට අසීරු වීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.
මේ අතර දිනෙන් දින මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ඉහළ යෑමත් සම`ග රෝහල් ධාරිතාව වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව බූස්ස නාවික හමුදා ක`දවුරේ ඇදන් 162 කින් යුතු අතරමැදි රෝහලක් ඉදිකිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
බූස්ස කදවුරේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමට යොදා ගත් සිව් මහල් ගොඩනැගිල්ලක් මේ ස`දහා යොදාගෙන ඇති අතර එහි ඇදන් 150කින් යුතු වාට්ටු 12 ක් සහ ඇදන් 12ක් සහිත විශේෂ ප‍්‍රතිකාර ඒකකයක්ද නාවික හමුදාව මගින් ඉදිකර ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවය කළ සේවකයකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මත්තල පිවිසුමෙන් ඇතුළු වන හා පිටවන රථ වාහන සඳහා ප‍්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව ඊයේ පස්වරු 05 සිට නවතා තිබේ. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර මත්තල දෙසට පැමිණෙන සියලූ රථ වාහන සූරියවැව මදුනාගල පිවිසුමෙන් පිට කිරීමට කටයුතු කර ඇති අතර මත්තල පිවිසුමේ සේවය කළ සියලූ නිලධාරීන් මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
සමන් ගමගේ
දිවයින
COMMENTS