උඩවලව වනෝද්‍යානයේ සතුන් දඩයමේ ගිය දෙදෙනෙකු හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් එක් දඩයම්කරුවෙකු තුවාල ලබා...
උඩවලව වනෝද්‍යානයේ සතුන් දඩයමේ ගිය දෙදෙනෙකු හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් එක් දඩයම්කරුවෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ය.
අද අලුයම මෙම වෙඩි තැබීම සිදු වූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු සතුව තිබූ ටී 56 උණ්ඩ හා ගිනිඅවියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ
COMMENTS