දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහරාන් වගේ බෝම්බ ගහනවා... ඉන්දියාවේ ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවත් පත් කළ යුතුයි... FB සටහනක්‌ තැබූ තරුණයා අත්අඩංගුවට... පාසලේදීත් ජාතිවාය මපුරලා !
Homeප්‍රවෘත්ති

සහරාන් වගේ බෝම්බ ගහනවා... ඉන්දියාවේ ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවත් පත් කළ යුතුයි... FB සටහනක්‌ තැබූ තරුණයා අත්අඩංගුවට... පාසලේදීත් ජාතිවාය මපුරලා !

PropellerAds

සහරාන් සිදු කළාක් මෙන් නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට ශ‍්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳ...

නැගෙනහිරට වෙනම පරිපාලන ඒකකයක්‌? - මුස්ලිම් පක්ෂවලින් ආණ්ඩුවට යෝජනාවලියක්‌
අමරපුර හා රාමඤ්ඤ මහා නිකාය ඇතුළු සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනතට විරුද්ධයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහිවීමේ පනත එයි
සහරාන් සිදු කළාක් මෙන් නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට ශ‍්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳහන් කරමින් මුහුණු පොතේ සටහන් තැබූ ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ගම්පොළ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 මොහු පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරුවන් සහ මාවනැල්ල බුදු පිළිම කැඞීමේ ප‍්‍රධාන සැකකරුවන් වන හක් හහෝදරයන් (ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල්හක් හා ඉබ‍්‍රාහිම් සාහිඞ් අබ්දුල් හක්* දෙදෙනාගෙන් ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල් හක් ගම්පොළ ප‍්‍රසිද්ධ පාසලක විනය බාර ගුරුවරයා ලෙස සේවය කළ පාසලේම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල එනතුරු බලා සිටින ශිෂ්‍යයකු බවද පොලිසිය සඳහන් කරයි.
 
 මෙම තරුණයාගේ පියා මඩකලපුව ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ උපන් අයකු බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ලෙස පසුගිය රජය සමයේ කටයුතු කර මේ වන විට ජපානයේ සිටින බවත් සොයා ගෙන ඇත.
 
 නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවට මුහුණු පොතින් ප‍්‍රචාරය කළ මෙම සිසුවා පාසල තුලදී ජාතිවාදී අදහස් අනෙක් සිසුන් අතරේද ව්‍යාප්ත කර ඇති බව හෙළි වී තිබේ. සමාජය තුලද එම මතය පතුරුවමින් ක‍්‍රියාකර ඇති බව පැවැත් වූ දීර්ඝ විමර්ශනයකින් තහවුරු වීමත් සම`ග ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීමේ චෝදනාව මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
 පසුගිය කාලයේදී මෙම පාසලේ සිංහල අංශය මගින් සංවිධානය කරන ලද වෙසක් සැරසිලි ආදියට වෙනත් ජාතියක සිසුන් ගිනි තබා විනාශ කිරීම සිංහල සිසුන්ට හා ගුරුවරුන්ට විවිධ කෙනෙහිලිකම් කිරීම ආදිය නිසා එයට විරෝධය පා ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානයට ලක් කිරීම සඳහා ගම්පොල නගරයේ පෙළපාලියක් ද නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි.
 
 එසේම මෙම හක් සහෝදරයන්ගේ මාමා කෙනෙකු මෙම පාසල අසල පදිංචිකරුවකු වන අතර ඔහුගේ නිවසේ අන්තවාදී පංති පවත්වා ඇති බවද එවකට බුද්ධි අංශ මගින් සොයා ගෙන තිබුණි.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම හක් සහෝදරයන් දෙදෙනා මෙම මාමාට අයිති ගම්පොල නගරයේ ඇති සපත්තු වෙළෙඳ සැලක සැගවී සිටියදී පොලිසියට හසු වූයේ රහස් රැුසක්ද හෙළි කර ගනිමිනි.
 
 අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයා රඳවා තබාගෙන පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.
 
 ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස්, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ජාලිය හීංකෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න අපරාධ අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල බණ්ඩාර, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රණසිංහ, උ.පො.ප. අසංක, උ.පො.ප. හෙට්ටිආරච්චි, පොලිස් සැරයන්වරුන් වන (4507* බණ්ඩාර, (45203* දුණුකාර(61722) අනිල් යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ කටයුතු සිදු කරති.

ගම්පොල - සුරංග දිල්හාන්
දිවයින 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහරාන් වගේ බෝම්බ ගහනවා... ඉන්දියාවේ ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවත් පත් කළ යුතුයි... FB සටහනක්‌ තැබූ තරුණයා අත්අඩංගුවට... පාසලේදීත් ජාතිවාය මපුරලා !
සහරාන් වගේ බෝම්බ ගහනවා... ඉන්දියාවේ ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවත් පත් කළ යුතුයි... FB සටහනක්‌ තැබූ තරුණයා අත්අඩංගුවට... පාසලේදීත් ජාතිවාය මපුරලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4v8IzdrLUvb2XeYvg8Hj12JvRaq-6ot-qpra3PlfoanKZCoUizsPlRxQv1VfuteRXJWuDs-gRNZx0SE93z3aDyfWUGBvoyeCjw-ed95xox8XpIH4YWUUPX51Sr3mpn6k6jPZTiPKFnzc/s320/facebook-silent-video.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4v8IzdrLUvb2XeYvg8Hj12JvRaq-6ot-qpra3PlfoanKZCoUizsPlRxQv1VfuteRXJWuDs-gRNZx0SE93z3aDyfWUGBvoyeCjw-ed95xox8XpIH4YWUUPX51Sr3mpn6k6jPZTiPKFnzc/s72-c/facebook-silent-video.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/fb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/fb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy