දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අමරපුර හා රාමඤ්ඤ මහා නිකාය ඇතුළු සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනතට විරුද්ධයි
Homeප්‍රවෘත්ති

අමරපුර හා රාමඤ්ඤ මහා නිකාය ඇතුළු සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනතට විරුද්ධයි

PropellerAds

ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය බුද්ධ ශාසනයේ පැවැත්මට ඉතා හානිකර වන බව...

පාසල් 150කට Smart Class Room 417ක්
මන්නාරෙමන් මිනිස් ඇටසැකිලි තොගයක් හමුවෙයි (PHOTOS)
තෙල් හිඟයක් නොමැති බවට නිවේදනයක්
අමරපුර හා රාමඤ්ඤ මහා නිකාය ඇතුළු සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනතට විරුද්ධයි

ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් එය බුද්ධ ශාසනයේ පැවැත්මට ඉතා හානිකර වන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමියෝ පැවසූහ.

දළඳා මාළිගාවේ දියවඩන නිලමේ පත්කිරීමේ දී අමරපුර හා රාමඤ්ඤ නිකායන්ට තිබූ ඡන්ද බලය පවා අහිමි කිරිම මෙන්ම මෙතෙක් පොදු වස්තුවක් ලෙස තිබූ දළඳා මාලිගාවට විහාරාධිපති හිමිනමක් පත්කිරීම යෝජනා කරමින් පාර්ශව කිහිපයක උවමනාව අනුව සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත ඉතා අසාධාරණ බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මෙම පනත් සංශෝධනය කළ යුතු නම් එය කළ යුත්තේ සියලූ නිකායන් හා සියලූ පාර්ශවයන් නියෝජනය වන මණ්ඩලයක නිර්දේශ අනුව බව ද මහ නාහිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය, රාමඤ්ඤ මහා නිකාය මෙන්ම සියම් නිකායේ කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව, ඌව, රංගිරි දඹුලු, ශ්‍රී රෝහණ, වනවාසී  ඇතුළු පාර්ශව හයක්ද මෙම පනත් සංශෝධනය අනුමත නොකරන බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියෝ පැවසූහ.

උඩුමලගල මහින්දානන්ද සියම් මහා නිකායේ රෝහණ පාර්ශවයේ  මහ නා හිමි, ශ්‍රී ලංකා මහ පිරිවෙන් අධ්‍යක්‍ෂ නාගොඩ අමරවංශ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අනු නාහිමි,  ඕමාරේ කස්සප රෝහණ පාර්ශවයේ අනු නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී බ‍්‍රාහ්මණවත්තේ සීවලී නාහිමි, බදුල්ල රඹුක්පොත රාජ මහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමි, අමරපුර මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නා හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා එහි වැඩම කර සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමරපුර හා රාමඤ්ඤ මහා නිකාය ඇතුළු සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනතට විරුද්ධයි
අමරපුර හා රාමඤ්ඤ මහා නිකාය ඇතුළු සියම් නිකායේ කොටසක් විහාර දේවාලගම් පනතට විරුද්ධයි
http://ift.tt/2du8Wwj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy