2014 වසරේදී ශ්‍රී ලංකවේ ප්‍රතිරූපය නැංවීම සඳහා විශාල මුදලක් ගෙවා සේවය ලබාගත් ඉමාඩ් සුබේරි නමැත්තා ඇමරිකානු සීඅයිඒ සංවිධානයේ රහස්‍ය නියෝජිත...
2014 වසරේදී ශ්‍රී ලංකවේ ප්‍රතිරූපය නැංවීම සඳහා විශාල මුදලක් ගෙවා සේවය ලබාගත් ඉමාඩ් සුබේරි නමැත්තා ඇමරිකානු සීඅයිඒ සංවිධානයේ රහස්‍ය නියෝජිතයකු බව හෙළිවී ඇතැයි ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර තිබේ.
ඇමරිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා 2014 වසරේදී ඔහුව තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් වන අතර ඒ සඳහා ඔහුට ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක්. (වර්තමාන විනිමය අනුපාත අනුව රුපියල් කෝටි 131ක්) මීට පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් අනාවරණය වී ඇතැයි සඳහන්.
එමෙන්ම ඉමාඩ් සුබේරිව මෙහෙයවූ පුද්ගලයෙකු විසින් ඔහු ලවා නවීන නාවික අධීක්ෂණ පද්ධතියක් මෙරට පිහිටුවීමට ද ශ්‍රී ලංකා රජය පොළඹවා ඇති බවත් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය ඇත.
තම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඔහු මේ වනවිට ඇමරිකානු අධිකරණයෙන් වසර 12ක සිර දඬුවම් ලබා සිටී.
COMMENTS