එවරස්ට් කන්ද තරණය කළ ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව වෙන ජයන්ති කුරුඋතුම්පාල මහත්මිය සඳහා සන්නාම තානාපතිධුරයක් පිරිනැමීමට කාන්තා හා ළමා කටයුතු අ...
එවරස්ට් කන්ද තරණය කළ ශ්‍රී ලංකාවේ පළමු කාන්තාව වෙන ජයන්ති කුරුඋතුම්පාල මහත්මිය සඳහා සන්නාම තානාපතිධුරයක් පිරිනැමීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඒ අනුව ඇයට 'කාන්තා අයිතීන් සුරැකීම' පිළිබඳව වසරක සන්නාම තානාපති තනතුරක් පිරිනැමීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඇයට මෙම තානාපති තනතුර පිරිනැමීම එළැඹෙන 19දා සිදුකිරීමට නියමිතය.
ඒ අනුව 2016/08/19 සිට 2017/08/17 දින දක්වා ඇය මෙසේ සන්නාම තානාපතිවරියක වශයෙන් කටයුතු කිරීමට නියමිතය.
COMMENTS