තමන් වර්තමාන ආණ්ඩුවට විරුද්ධ නොවන්නේ බලය ලබාදීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවස...
තමන් වර්තමාන ආණ්ඩුවට විරුද්ධ නොවන්නේ බලය ලබාදීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
‘‘අපි ආණ්ඩුවට විරුද්ධ නැහැ. විරුද්ධ නැත්තේ වෙනත් හේතුවක් නිසා නෙමෙයි. මේ මොහොතෙ අපි විරුද්ධ වුණොත් නැවත වාරයක් එන්නේ හිටපු අයම තමයි. අපි ඒකට විකල්පයක් හදන්න ඕනෙ. විකල්පයක් හදලයි විරෝධය පළ කරන්නේ. දැන්ම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට යයි කියල. එහෙම ඉදිරියට යනවනම් මේ දැන් සිද්ධවෙන දේවල් නතර කරන්න වෙයි. එහෙම නැතුව තුනෙන් දෙකේ බලයක් ලැබුණා කියලා වර්තමාන පාලකයෝ මේ රට විනාශ කරන්න කටයුතු කරනවා නම් අපි නිහඬව ඉන්නේ නැහැ.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙන් අපි ඉල්ලන්නේ උපදෙස් දෙන වටේ ඉන්න කේවට්ටයන්ගෙන් පරිස්සම් වෙන්න කියලා. පොහොට්ටුවක් කියලා යමක් ඇති වුණා නම් ඒ ඇති වුණේ අභයාරාමෙන්. ඒක අද මතක නැති එක වෙනම දෙයක්’’ යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
නයන තරංග ගමගේ
– aruna
COMMENTS