ආණ්ඩුවට පුරප්පාඩු වන ප‍්‍රමාණය හෝ අලූතින් රැකියා ජනිතවන ප‍්‍රමාණය පිළිබඳව කිසිදු සංගණනයක් නොමැති බවත් ඒ හේතුවෙන් වාර්ෂිකව උපාධිධාරීන් රැකි...
ආණ්ඩුවට පුරප්පාඩු වන ප‍්‍රමාණය හෝ අලූතින් රැකියා ජනිතවන ප‍්‍රමාණය පිළිබඳව කිසිදු සංගණනයක් නොමැති බවත් ඒ හේතුවෙන් වාර්ෂිකව උපාධිධාරීන් රැකියා විරහිත ගොඩට එකතු වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද(12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහි ප‍්‍රතිඵලය ලෙස මැතිවරණ සමයේදී උපාධිධාරීන්ට දේශපාලනඥයන්ගේ ආවතේව වැඩවලට යාමට සිදු වන බවත් ආණ්ඩුව මේ කරන්නේ ඊළඟ මැතිවරණය එන තෙක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නය ඇදගෙන යාමට බවත් පෙන්වා දෙන ඒ මහතා තව දුරටත් උපාධිධාරීන් දේශපාලන අතකොළුවක් බවට පත් කිරීමේ සූදානමක් පවතින් බවත් කියා සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
“හැමදාමත් අපේ රටේ, උපාධිධාරීන්ට රැකියා ලබාදීම මැතිවරණ පොරොන්දුවක් වුණා. ඒ නිසාම මැතිවරණ කාලෙට උපාධිධාරීන් දේශපාලඥයින්ගේ කැන්වසින් යෑම, රැස්වීම්වලට සහභාගී වීම, කාර්යාලවල ලියුම් කවර මුද්දර අලවන තත්වයට පත්වෙලා. උපාධිධාරීන්ට වගේම උසස්පෙළ සමත් සා.පෙළ සමත්, වෙනත් කුමන හෝ ඩිප්ලෝමාධාරියෙකුට රැකියාවක් ලබාදීමට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. අද තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගැනීම ඛේදවාචකයක් බවට පත්වෙලා. මොකද අපේ රටේ ආණ්ඩුවලට රැකියාවක් ලබාදීම පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් නැහැ.
උපාධිධාරීන්ට අවසාන වතාවට රැකියා ලබාදුන්නේ 2012 මාර්තු මාසයේදීයි. ඉන් පසුව දකුණු පළාත් සභාවේ සහ ඌව විශාල උද්ඝෝෂණයක් කරලා උපාධිධාරීන් සුළු පිරිසක් ගුරු පත්වීම් ලබාගත්තා. ඊට අමතරව 2012න් පසුව උපාධිධාරීන් සඳහා කිසිදු රැකියා දීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වුණේ නැහැ. අපේ රටේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු තිබෙනවා. එමෙන්ම වාර්ෂිකව විශ‍්‍රාම යන ප‍්‍රමාණයක් ඉන්නවා. නමුත් ආණ්ඩුවට පුරප්පාඩු වන ප‍්‍රමාණය හෝ අලූතින් රැකියා ජනිතවන ප‍්‍රමාණය පිළිබඳව කිසිදු සංගණනයක් නැහැ. ඒ නිසාම වාර්ෂිකව උපාධිධාරීන් රැකියා විරහිත ගොඩට එකතු වෙනවා. එහි ප‍්‍රතිඵලය වෙලා තිබෙන්නේ ඡන්ද කාලෙට උපාධිධාරීන් දේශපාලනඥයන්ගේ ආවතේව වැඩවලට යන්නට සිදුවීමයි.
වර්තමාන ආණ්ඩුවත් උපාධිධාරීන්ට රැකියා දෙනවා කියලා පොරොන්දුවක් දුන්නා. 2017 අගෝස්තු මාසේ 06වැනිදා උපාධිධාරීන්ට ඉල්ලූම්පත් යොමුකරන්න කියලා ආණ්ඩුව කිව්වා. පසුව අපේ‍්‍රල් 16-30 දක්වා කාලය තුළ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවලදී සම්මුඛ පරීක්‍ෂණ කළා. ආර්ථික ප‍්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශය තමයි සම්මුඛ පරීක්‍ෂණ සැලසුම් කළේ. එම සම්මුඛ පරීක්‍ෂණත් සිදුකළේ ඉතාම අසාධාරණ ආකාරයටයි. උපාධිධාරීන්ගේ උපාධි සහතිකය උපාධිය ලබාගත් වසර ඒ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැහැ. අන්තිමේදී සම්මුඛ පරීක්‍ෂණ කළ නිලධාරීන් පවා උපාධිධාරීන්ට කිව්වා, මේ සම්මුඛ පරීක්‍ෂණවලින් කවදාවත් ඔබලාට රැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ තරමට ආණ්ඩුව සම්මුඛ පරීක්‍ෂණ සිදුකළේ රැකියා ලබා නොදීමේ අරමුණ ඇතිවයි. අන්තිමේදී උපාධිධාරීන්ට ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂවල ආසන සංවිධායකයින්ගේ ගෙවල්වලටත් සම්මුඛ පරීක්‍ෂණවලට යන්නට සිදුවුණා. ආණ්ඩුව පළාත් සභා මන්තී‍්‍රවරුන්ට, ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට රැකියා කෝටා ලබාදුන්නේ කලින් කරන ලද සම්මුඛ පරීක්‍ෂණත් සැලකිල්ලට නොගෙනයි. ආණ්ඩුව සම්මුඛ පරීක්‍ෂණවලින් උපාධිධාරීන් 20,000ක් බඳවා ගන්න තීරණය කරලා තිබුණා. පහුගිය ජූලි මාසයේ 02වැනිදා ඉන් 5,000ක කණ්ඩායමක් බඳවා ගැනීමට නියමිතව තිබුණා. නමුත් ඒ සියල්ල නවතා දමලා ආණ්ඩුව නැවත මුල සිට සම්මුඛ පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
දැන් ආණ්ඩුව සීමාවක් දාලා තිබෙනවා සම්මුඛ පරීක්‍ෂණවලට අවුරුදු 35ට අඩු උපාධිධාරින් සහභාගි වෙන්න කියලා. 2012 වසරේ අවුරුදු 30ක් වුණු උපාධිධාරියා දැන් වයස 36ක පුද්ගලයෙක් බවට පත්වෙලා. 2012න් පස්සේ ආණ්ඩුව රැකියා නොදුන් වරදටත් වගකියන්න සිදුවෙලා තිබෙන්නේ එම උපාධිධාරීන්ටමයි. එනිසා ආණ්ඩුව මෙවැනි සීමාවන් පැනවීම නොකළ යුතුයි. එවැනි සීමාවන් නිසා වයස 35 ඉක්මවූ උපාධිධාරියෙකුට කවදාවත් ආණ්ඩුවේ රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුව බාහිර උපාධිධාරීන් කප්පාදු කරන්නත් උත්සාහ කරනවා. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත් පසුව එම උපාධිය බාහිරද අභ්‍යන්තරද යන්න ගැටළුවක් වෙන්නේ කොහාමද? එසේ නම් ආණ්ඩුව බාහිර උපාධිය, උපාධියක්ද නැද්ද කියලා පැහැදිළි කිරීමක් කළ යුතුයි. අපි කියන්නේ මෙවැනි සීමාකම් නොදා සියලූම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කටයුතු කරන ලෙසයි. ආණ්ඩුව මේ කරන්නේ ඊළඟ මැතිවරණය එන තෙක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නය ඇදගෙන යාමටයි. තව දුරටත් උපාධිධාරීන් දේශපාලන අතකොළුවක් බවට පත් කරන්නයි.
මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් 57,000ක ප‍්‍රමාණයක් ඉන්නවා. එම සියලූම දෙනාට රැකියා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. සංස්ථා, මණ්ඩල, අධිකාරී අතුළු රජයේ ආයතනවල රැකියා පුරප්පාඩු තිබෙනවා. නමුත් එම පුරප්පාඩු හොයන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ.“ යැයිද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS