දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විෂ පොහොර ටොන් 18000ක් කුඹුරට ගිය කතාව ඇත්ත! පොහොර මාෆියාව මටත් වඩා බලවත් - කෘෂිකර්ම ඇමති මහින්දානන්ද
Homeප්‍රවෘත්ති

විෂ පොහොර ටොන් 18000ක් කුඹුරට ගිය කතාව ඇත්ත! පොහොර මාෆියාව මටත් වඩා බලවත් - කෘෂිකර්ම ඇමති මහින්දානන්ද

PropellerAds

ආසනික්, කැඩ්මියම් සහ ඊයම් අඩංගු ප්‍රමිතියෙන් තොර විෂ සහිත ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් පසුගිය කන්නයේදී මෙරට ගොවීන...

ජනාධිපතිට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. ව්‍යවස්ථාව කඩලා යයි චෝදනා !
විධායක අහෝසි කරන, ජාතික ගැටලුවට විසඳුම් දෙන අපේක්ෂකයාට අපේ සහාය - එම්.ඒ. සුමන්තිරන්
අපි කැමති වුණාට පොහොට්ටුව තමයි පස්ස ගහන්නේ (VIDEO)
ආසනික්, කැඩ්මියම් සහ ඊයම් අඩංගු ප්‍රමිතියෙන් තොර විෂ සහිත ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් පසුගිය කන්නයේදී මෙරට ගොවීන් වෙත ලැබී ඇති බවත් ඒවා මේ වනවිට ගොවි ජනතාව පාවිච්චි කර අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ පිළිගත්තේය. ඒ හිරු ටීවී නාළිකාවේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙම පොහොර තොගය පමණක් නොව පසුගිය වසර පහක කාලය තුළ ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 88,000ක් මෙරට කුඹුරුවලට මිශ්‍ර වී ඇති බව ඔහු සඳහන් කළ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රමිතියෙන් තොර පොහොර මුදා හැරීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දුන් බවට එල්ල වන චෝදනාව පදනම් විරහිත අසත්‍යයක් බවද ප්‍රකාශ කළේය. ආචාර්ය පී.බී ජයසුන්දර ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දී ඇත්තේ ශ්‍රි ලංකා ප්‍රමිතියට අනුකූල පොහොර පමණක් පිට කරන ලෙස බවත් එසේ වුවද මෙම පොහාර තොගය වෙනස් කරන ලද විද්‍යාගාර වාර්තා මඟින් වෙනස් කොට යවා ඇති බවද ඔහු සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අලුත්ගමගේ සඳහන් කළේ 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළද මෙසේ විද්‍යාගාර සාම්පලය පමණක් ගුණාත්මක පොහොර ඉදිරිපත් කොට ක්ෂේත්‍රයට විෂ සහිත පොහාර යවා ඇති බවය. මේ තත්ත්වය විගණකාධිපතිවරයාගේ වාර්තාවක් මඟින්ද හෙළිදරව් වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට මෙරට පොහොර භාවිතය සීමා රහිත මට්මක පවතින බැවින් ඒවා භාවිතය සීමා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය. ඉදිරියේදී පස පරීක්ෂා කිරීමකින් පසුව පොහොර අවශ්‍යතාව මත පමණක් පොහොර යෙදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා තවුරටත් අනාවරණය කළේ පොහොර මාෆියාව තමන්ට වඩා බලවත් බවය. නියමිත ප්‍රමිතියට අන කූල ටීඑස්පී පොහොර ගෙන්වීමට අවශ්‍ය මඟ පෙන්වීම් තමන් ලබා දුන් පසුව ඊළඟ කන්නය සඳහා කිසිදු පොහොර සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් නොකිරීමෙන්ම ඒ බව පැහැදැලි වන බව අලුත්ගමගේ අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේය.

-lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විෂ පොහොර ටොන් 18000ක් කුඹුරට ගිය කතාව ඇත්ත! පොහොර මාෆියාව මටත් වඩා බලවත් - කෘෂිකර්ම ඇමති මහින්දානන්ද
විෂ පොහොර ටොන් 18000ක් කුඹුරට ගිය කතාව ඇත්ත! පොහොර මාෆියාව මටත් වඩා බලවත් - කෘෂිකර්ම ඇමති මහින්දානන්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhXj7WV6CZg4zFhN74epHmZ_rckGp2KZBdPjoMtgconTEsw3CZ268VYz4csHc8sLBYreq7Z1PTNJ1yBsOV6I06MRwcb4T474QHgJz-CmryWnzFrmHtzYgv5LeukkHxWNg5ioj0G36orC0/s320/mahindananda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhXj7WV6CZg4zFhN74epHmZ_rckGp2KZBdPjoMtgconTEsw3CZ268VYz4csHc8sLBYreq7Z1PTNJ1yBsOV6I06MRwcb4T474QHgJz-CmryWnzFrmHtzYgv5LeukkHxWNg5ioj0G36orC0/s72-c/mahindananda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/18000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/18000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy