එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. දෙ...
එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කර ගත් බවයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට හා ජාතික ගැටලුවට විසඳුම් ලබාදෙන අපේක්ෂකයාට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුවත් කළ බවයි සුමන්තිරන් මහතා පවසන්නේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ව්‍යවස්ථාවක් වෙනුවෙන් කටයුතු කරන බව අගමැතිවරයා තමන් වෙත දැනුම් දුන් බව ද මන්ත්‍රීවරයා පවසනවා.
එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තවමත් නම්කර නොමැති හෙයින් අපේක්ෂකයා නම් කිරීමෙන් පසු ඔහු සමගද සාකච්ඡා කර සහාය ලබා දෙන්නේද යන්න පිළිබඳව අවසන් තීරණය ගන්නා බවයි සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

COMMENTS