ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑප...
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාල පත් කිරීම සිදු කර ඇත.
මෙම පත් කිරිමට අදාල ලිපිය ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ධම්මාලංකාර නාහිමියන් වෙත භාර දි තිබේ.
ඒ අනුව වසර 05ක කාලයක් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම ධුරයේ කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය හෙබවූ මහාචාර්ය අති පූජ්‍ය බෙල්ලන්විල විමරතන හිමිගේ අපවත්විමෙන් පසු එම ධූරය පුරප්පාඩු විය.
ඒ අනුව අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙම ධුරය සඳහා පත් කර තිබේ.
COMMENTS