පා ස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට එරෙහිව සත්‍යග්‍රහයකින් විරෝධතාවයක් ආරම්භ කරන බව බ...
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට එරෙහිව සත්‍යග්‍රහයකින් විරෝධතාවයක් ආරම්භ කරන බව බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳහන් කරන්නේ එම කමිටු වාර්තාවේ අවසන් නිර්දේශ මඟින් බෞද්ධ සමාජයට විශාල අවාසනාවන්ත තත්ත්වයක් ඇති කර තිබෙන බවයි.
අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
රට පුරා දිස්ත්‍රික්කයක් ගානේ ගොස් මෙම වාර්තාවේ ඇති විකෘතිය පහදා දෙන බවද පැවසූ උන්වහන්සේ ඉස්ලාම් අන්තවාදයෙන් රට බේරා ගැනීමට කටයුතු කරන බවද තවදුරටත් කියා සිටියහ.

COMMENTS