ජනාධිපතිවරණය දෙසැම්බරයේ පැවැත්වෙනු ඇතැයි බොහෝ අය විශ්වාසයෙන් සිටියත් එය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජ්...
වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතය විමසීමක් ඉදිරියේදී සිදු විය හැකි බවයි මෙම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
ජනාධිපතිවරණය ලබන අප්‍රේල් දක්වා කල්යනු ඇත්තේද ඒ අනුව බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඇතැම් විට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකවර පැවැත්වීමටද ඉඩ තිබෙන බවයි මෙම අමාත්‍යවරයා සඳහන් කළේ.
සිය ධුර කාළය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා. සිය ධුර කාලය වසර 05ක්ද නැතහොත් 06ක් දැයි තහවුරු කර ගැනීම සඳහායි ජනාධිපතිවරයා එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් වූ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් එය වසර 05ක් දක්වා අඩු කෙරුණා.
ජනාධිපතිවරයා කළ විමසීමට අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද අදාල වන බවයි. ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර 05කට සීමා වන බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණා.
කරුණු විමසා බලමින් මෙම මතය ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්. එවකට අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් විනිසුරු මඩුල්ලේ ප‍්‍රධානියා වුණා.
මේ අතර මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය බලපැවැත් වෙන්නේ කවදා සිට ද? යන්න බවත් ඊට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන්නේ කවදාද? යන්න බවයි දේශපාලන ආරංචි මාර්ගවල සඳහන්ව ඇත්තේ.
- ලහිරු කපුගේ
COMMENTS