දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිප: සමරසිංහත් දොට්ට - වීරකුමාර, තිලංග, ලසන්ත හා රංජිත්ට තනතුරු !
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිප: සමරසිංහත් දොට්ට - වීරකුමාර, තිලංග, ලසන්ත හා රංජිත්ට තනතුරු !

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විනය කැඩූ මහජන නියෝජිතයින්ට එරෙහිව වහාම නිත්‍යානුකුල පියවර ගැනීමට තීරණය කර ඇති අතර ඒ අනුව එම පක්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විනය කැඩූ මහජන නියෝජිතයින්ට එරෙහිව වහාම නිත්‍යානුකුල පියවර ගැනීමට තීරණය කර ඇති අතර ඒ අනුව එම පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය දැරූ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ඉන් ඉවත්කර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පත්කරනු ලැබ ඇත. මීට පෙර එම ධුරය දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතායි.

එසේම, උප සභාපතිවරයකු ලෙස තිලංග සුමතිපාල මහතා හා එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත්කර තිබේ.

ජනාධිපති නිල නිවසේදී පැවැති මෙම සාකච්ජාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡා හා ජනාධිපති අපේක්ෂකයා ලෙස දැනට නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂට සහය දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳව ද ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබූ බව පැවසේ.

කෙසේවුවද සාකච්ජාව ඇරඹීමට පෙර සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ගනු ලබන්නේ හෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන විශේෂ සාකච්ඡාව පිළිබදව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරික උළෙල පිළිබඳව බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (27) පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, උප සභාපති මහින්ද අමරවීර සහ නියෝජ්‍ය ලේකම් ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් සහභාගී වේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඒ සදහා සහභාගී වීමට නියමිතය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිප: සමරසිංහත් දොට්ට - වීරකුමාර, තිලංග, ලසන්ත හා රංජිත්ට තනතුරු !
ශ්‍රීලනිප: සමරසිංහත් දොට්ට - වීරකුමාර, තිලංග, ලසන්ත හා රංජිත්ට තනතුරු !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKBySkuxmx2F9AbGA84WgoblxyY4LNVNTR74KvpX8evqESnyMSvCzVn-eKqC88YVdFbT_es-5HOQ7Kqm4_RO2lXWnnAGj5v4vFAl7B2cTnOB4YDavDMAFFz7J2jo2h6IR9MXkLQDTa-nwv/s320/1b124dd7752b44e13ca88ea9918bd008_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKBySkuxmx2F9AbGA84WgoblxyY4LNVNTR74KvpX8evqESnyMSvCzVn-eKqC88YVdFbT_es-5HOQ7Kqm4_RO2lXWnnAGj5v4vFAl7B2cTnOB4YDavDMAFFz7J2jo2h6IR9MXkLQDTa-nwv/s72-c/1b124dd7752b44e13ca88ea9918bd008_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_108.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_108.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy