ර නිල් වික්‍රමසිංහ මහතාව දේශපාලන පලිගැනීම් සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම යන දෙකෙන්ම නිදොස් කොට තිබෙන්නේ ම...
රනිල් වික්‍රමසිංහ මහතාව දේශපාලන පලිගැනීම් සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම යන දෙකෙන්ම නිදොස් කොට තිබෙන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා බව වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාවේ සාමූහික වගකීම පැහැර හැරීම පිළිබඳව පමණක් චෝදනාවක් වික්‍රමසිංහ මහතාට එල්ල කොට තිබෙන බවය.
වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයදරද්දී ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව එල්ල වූ චෝදනාවන් සම්බන්ධයෙන් කට උත්තර ගැනීමට විමර්ශන නිලධාරීන් නිවසට එව්වේ ද වික්‍රමසිංහ මහතා බව ජයතිස්ස මහතා අවධාරණය කරයි.
රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකිනෙකාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව ප්‍රසිද්ධ කරුණක් බවද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.
- ඒෂියන් මිරර්

COMMENTS