ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් අද (02) උදෑසන දඹුල්ල නගරයේ රැස්ව සිටි මගීන් දැඩි අපහසුතාවයට පත් ...
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් අද (02) උදෑසන දඹුල්ල නගරයේ රැස්ව සිටි මගීන් දැඩි අපහසුතාවයට පත් විය.
ලංගම බස් රථ පැමිණිය ද ඔවුන් පාසල් ළමුන් නොගැනීම නිසා පාසල් දරුවන් රැසක් දඹුල්ල නගරයේ රැදී සිටිනු දැකගත හැකිවිණි.
බොහෝමයක් ලංගම බස් කොන්දොස්තරවරුන් පාසල් ළමුන් බසයට නොගන්නා ආකාරය දැකගැනීමට හැකිවිය.
දඹුල්ල පොලිසියේ මාර්ග රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු මේ සිදුවීම දැක පුද්ගලික වාහන කිහිපයක් නවතා පාසල් දරුවන් පිටත්කර යැවීමට කටයුතු කළේය.
එහි රැඳී සිටි දරුවන් කියාසිටියේ බොහා්මයක් ලංගම බස්රථ 'දුර සේවා බස්' යැයි කියමින් තමන්ව මඟහැර ගිය බවයි.
සීගිරිය,පොලොන්නරුව ආදී ප්‍රදේශවලට ගමන් කිරීම සදහා පැමිණ සිටි විදේශිකයෝද බස් වර්ජනය නිසා අසරණ වී සිටියහ.
ඡායාරූප පහතින්.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
COMMENTS