දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වර්ජන කාලයේ ධාවනයවන බස්වලට විශේෂ ආරක්ෂාවක්
Homeප්‍රවෘත්ති

වර්ජන කාලයේ ධාවනයවන බස්වලට විශේෂ ආරක්ෂාවක්

PropellerAds

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුමු කළ පරිදි පෞද්ගලික බස් රථ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව බස් වෘත්තීය සංගම් ප්‍රකාශ කරයි. සමස්ත ලංකා පෞ...

සම්බන්ධන් කල් තියාම ජිනීවාවලදී ලංකාවට උගුලක් අටවයි! සියලු සාමාජික රටවල්වලට ලියුමක් යවයි!
ලතා මංගේෂ්කාර් මෙලොවින් සමුගනී
එන ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා මෛත‍්‍රී…?
වර්ජන කාලයේ ධාවනයවන බස්වලට විශේෂ ආරක්ෂාවක්

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුමු කළ පරිදි පෞද්ගලික බස් රථ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව බස් වෘත්තීය සංගම් ප්‍රකාශ කරයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා කියාසිටියේ ඒ අනුව බස් සහ ත්‍රීරෝද රථ ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති 28ක සහභාගීත්වයෙන් එම වර්ජනය මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

මාර්ග වැරදි 07 ක් සම්බන්ධයෙන් අවම රථවාහන දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව පෞද්ගලික බස් සංගම් ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති 28 ක් පසුගියදා ප්‍රකාශ කළේය.

මේ අතර, ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී බස් රථ ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ එහිදී අධික වේගයෙන් රිය පැදවීම සහ වමෙන් ඉස්සර කිරීම යන වැරදි සම්බන්ධයෙන් සංශෝධනයක් ඉදිරියේදී සිදුකිරීමට එකඟතාව පළ වූ බවයි.

ඒ අනුව තම සංගමය මෙම වර්ජනයට එක් නොවන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, නියමිත පරිදි වැඩවර්ජනය අද දිනයේ ක්‍රියාත්මක බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික බස් වර්ජනයට මුහුණදීමට අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවත් ඒ සදහා ලංගම බස් රථ 6500ක් අතිරේකව යොදවා ඇති බවත්ය.

එමෙන්ම, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එච්.හේමචන්ද්‍ර මහතා සදහන් කළේ ජනතාවට අපහසුවක් නොවන ආකාරයට ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිසියද කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර, අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට ඊයේ තීරණය කෙරුණි.

ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදුව, දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු ඉල්ලීම් 04 මුල්කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කිරීමට සැලසුම් කර තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වර්ජන කාලයේ ධාවනයවන බස්වලට විශේෂ ආරක්ෂාවක්
වර්ජන කාලයේ ධාවනයවන බස්වලට විශේෂ ආරක්ෂාවක්
http://ift.tt/2gFTwE4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy