ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකි දැයි සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධි...
ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ තම සේවාදායකයින්ගේ අන්තිම කැමැත්ත මරණකරුගේ දේහය ආදාහනය කිරීම බවයි.
මරණකරුගේ දේහය භූමදානය කරන ලෙස අධිකරණය නියෝග කරන්නේ නම් එම කටයුතු සඳහා මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි “චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ්” නිකායට අයත් සුසාන භූමියෙන් බිම්කඩක් ලබා ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
මරණකරුගේ දේහය තවදුරටත් විමර්ෂණ සදහා අවශ්‍ය වන්නේ ද එය ආදාහනය කිරීමට අවසර දිය හැකි ද යන්න පිළිබඳ අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම මරණයට හේතු සොයා බැලීමට පත්කර ඇති පංචපුද්ගල වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාට නියෝග කළේය.

COMMENTS