ජා තික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී තොරතුරු ඇතුළත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ ග්‍රන්ථ 22ක් එම කොමිසමේ නිර්දේශ මත නීතිපති වරයාට භාර දී නොම...
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී තොරතුරු ඇතුළත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ ග්‍රන්ථ 22ක් එම කොමිසමේ නිර්දේශ මත නීතිපති වරයාට භාර දී නොමැති බව නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.
2019 අප්‍රේල් මස පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසම මඟින් ග්‍රන්ථ 87ක් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දී ඇති බවත් නීතිපති වරයාට ලබාදී ඇත්තේ ඉන් ග්‍රන්ථ 65ක් පමණක් බවත් ඇය සඳහන් කරයි.
ලබාදී ඇති සියලුම වාර්තා පිළිබඳව අවධානය යොමුකර සැකකරුවන් වෙත නඩු පැවරීමට සැලකියයුතු කාලයක් වැයවන බවද නීතිපති වරයා දන්වා සිටි බව තිපති සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

COMMENTS