දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වේල්ලවීදියේ හිස නැති කඳට, බිරිඳ ද දුවදැයි දැනගන්න කෝල් 200ක්
Homeප්‍රවෘත්ති

වේල්ලවීදියේ හිස නැති කඳට, බිරිඳ ද දුවදැයි දැනගන්න කෝල් 200ක්

PropellerAds

වේ ල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළකඳ හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (02) පමණක් දුරකථන ඇමැතුම් 2...

පක්ෂ අතර මත ගැටුම් දුරදිග යයි - මැතිවරණයෙන් පසු දෙමල සන්ධානය දෙකඩ වෙයි
ඖෂධ මිල වැඩි වීම ගැන ඇමැතිගෙන් පිළිතුරු
නාලපහ ඉන්දවිමල මාහිමිපාණෝ අපවත් වෙති
වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළකඳ හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (02) පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබී ඇතැයි වාර්තා වේ. මෙසේ දුරකථන ඇමතුම් දී ඇත්තේ එම සිරුර පැනගිය දියණියන් හා බිරින්දෑවරුන්ගේ දැයි තහවුරු කරගැනීමටය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම විදෙස්ගතව සිටින අයගෙන් පවා වේල්ලවීදිය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චිගේ දුරකථනයට මෙලෙස ඇමැතුම් ලැබී තිබේ.

මියගිය තරුණියගේ බාහිර ස්වරූපය අනුව තම දියණියගේද, බිරිඳගේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇතැමුන් ඡායාරූප පවා පොලිසියට එවා ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙරේදා (02) මෙම සිරුර ගැන තොරතුරක් ඇත්නම් දන්වන්නැයි මාධ්‍ය ඔස්සේ කළ ප්‍රචාරයෙන් පසු මෙම ඇමැතුම් ලැබී තිබේ.

DNA පරීක්ෂණයක්

මේ අතර, එම කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරයා විසින් එම මෘත ශරීරය තම නැගණියගේ බවට හඳුනා ගත්ත ද එය ප්‍රමාණවත් නොවන බැවින් වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා මෙලෙස ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

ඒ අනුව, අද (04) දිනයේදී ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ හිස මෙතෙක් සොයාගෙන නොමැති අතර එය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

හිස කොහෙද?

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, අදාළ කාන්තාවගේ හිස සැකකාර උප පොලිස් පරීක්ෂයා අත තිබූ කුඩා බෑගය තුළ තිබෙන්නට ඇතැයි සැක කරන බවය.

"බොහෝ දුරට සැකකරු කරේ එල්ලාගෙන යන එකේ හිස සහිතව රැගෙන ගියා ද කියන සැකය තියෙනවා. ඒ ඔස්සේ පරීක්ෂණ කරනවා," යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ලිංගික අතවර වෙලා නෑ

මේ අතර, කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා ද මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.

"වෛද්‍යවරු තීරණය කරලා තියෙනවා ලිංගික අපරාධයක් සිදුවෙලා නෑ කියන එක සම්බන්ධව. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගන්න පුළුවන්."


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වේල්ලවීදියේ හිස නැති කඳට, බිරිඳ ද දුවදැයි දැනගන්න කෝල් 200ක්
වේල්ලවීදියේ හිස නැති කඳට, බිරිඳ ද දුවදැයි දැනගන්න කෝල් 200ක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJbajBrlQVMYrN135B31dtxSPFWnBabj4kwlD8cjM8WvB_5-1LchwYuKrJ1NEP1Q0ucP6_TnQHgBVctz8lF2HuOdaLv6iCEu97jtZV23DhZKjsrZ-iY3NESyatjYTvqEhBPhCAEsUFEy4/s320/747ea9523ea385b0f6d85885a3237523_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJbajBrlQVMYrN135B31dtxSPFWnBabj4kwlD8cjM8WvB_5-1LchwYuKrJ1NEP1Q0ucP6_TnQHgBVctz8lF2HuOdaLv6iCEu97jtZV23DhZKjsrZ-iY3NESyatjYTvqEhBPhCAEsUFEy4/s72-c/747ea9523ea385b0f6d85885a3237523_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/200.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/200.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy