ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙදපොල තුල ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුල සියයට 5 කින් ඖෂධ මිල වැඩි කිරිමට සිදු වූ බව සෞඛ්...
ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙදපොල තුල ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුල සියයට 5 කින් ඖෂධ මිල වැඩි කිරිමට සිදු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඖෂධ ආනයනකරුවන්ගේ සහ ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය කළ ඉල්ලීමක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදු කළ අධ්‍යනයකින් පසු සියයට 05 කින් මිල වැඩි කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
එම ගැසට් නිවේදනයට අනුව මෙම මිල වැඩි කිරිම වසරක කාලයක් බල පැවැත්වෙන අතර, එම කාලය තුල දී ලෝක වෙළෙදපොලේ ඖෂධ මිල ඉහළ ගිය ද ශ්‍රී ලංකාව තුල ඖෂධ මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
තව ද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම සිදු කරනු ලැබුයේ 2016 ඔක්තෝබර් මස 21 වනදා බවත් වසරකට අධික කාලයක් තුල ඖෂධ මිල අඩු කර තිබූ අතර, රෝගී ජනතාවට එමගින් විශාල සහනයක් ලබා ගත් බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ 2017 දෙසැම්බර් මස 14 වන දින අංක 2049/31 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සිදු කර ඇති මෙම මිල වැඩි කිරිමට අදාල ඖෂධ වල මිල ගණන් වැඩිවන ආකාරය ද ගැසට් පත්‍රයේ සදහන් කර ඇති බවයි. උදාහරණයක් ලෙස මෙතෙක් කල් රුපියල් 1 සත 30 ට අලෙවි කළ පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1 සත 37 ක් වෙයි.
නව ගැසට් පත්‍රයේ මිල ගණන් වලට අනුව ඖෂධ අලෙවි කළ යුතු බවත්, එලෙස ඖෂධ අලෙවි නොකරන අලෙවිසැල් පිළිබදව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විමර්ශණයක් සහ වැටලීම් ද සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
රජය අඩු කළ ඖෂධ 48 ක මිල යළි වැඩි කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඊයේ (18) මාධ්‍යයට දැනුම් දී තිබුනි. නමුත් මෙම ව්‍යාපාරය අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම සිදුකළ අවස්ථාවේ දී පාරිභෝගිකයින්ට ලැබුන ලාභය පිළිබදව මුනිවත රැකීම කණගාටුවට කරුණක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
COMMENTS