යටගම නාගවනාරාමය, නයිවල උභයශේඛරාරාමය යන උභය විහාරාධිපතිව වැඩවිසූ, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ සීනාදි සිව් ...
යටගම නාගවනාරාමය, නයිවල උභයශේඛරාරාමය යන උභය විහාරාධිපතිව වැඩවිසූ, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ සීනාදි සිව් කෝරළයේ ප‍්‍රධාන සංඝනායක, විනයාචාර්ය, ශාස්ත‍්‍රවේදී අතිපූජ්‍ය නාලපහ ධර්මකීර්ති ශ‍්‍රී රතනපාල ඉන්දවිමල නාහිමිපාණන් වහන්සේ වසර අනූහතරක් ආයු වළදා සිහි නුවණින් යුක්තව අපවත් වී වදාළ බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පවසයි.
1928 දෙසැම්බර් 07වන දින ගම්පහ දිසාවේ නාලපහ දී උපත ලද උන්වහන්සේ, 1939 මැයිමස 24 වන දින යටගම ශ‍්‍රී නාගවනාරාමයේදී පැවිදි බිමට පත්ව 1949 මැයිමස 11 දිනඋතුම් උපසම්පදාවට පත්වූහ.
වාද්දුව මොල්ලිගොඩ ප‍්‍රවචනෝදය මහ පිරිවෙනින් ප‍්‍රාචීන අධ්‍යාපනය ලැබු උන්වහන්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ශාස්ත‍්‍රවේදී උපාධිය ද හිමි කර ගත්හ.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති, රාජකීය පණ්ඩිත, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමිපාණන් ඇතුලු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් සම්බුද්ධ ශාසනයට දායාද කිරීමට ද ඉන්දවිමල නාහිමිපාණෝ කටයුතු කළහ.
උන්වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය හෙට (20) දින සවස2.30 ට නයිවල කාර්මික විද්‍යාලීය ක‍්‍රීඩාපිටියේදී පවත්වනු ලබන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
COMMENTS