නා රම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයකින් යතුරුපැදි දෙකක් යටකර යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට බාරවී ඇතැයි නාරම්මල ...
නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයකින් යතුරුපැදි දෙකක් යටකර යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට බාරවී ඇතැයි නාරම්මල පොලිසිය කියයි. තම බිරිදගේ අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ට අපහාස කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කළ බව පොලිසියට බාරවූ පුද්ගලයා පොලිසියේදී පාපොච්චාරණය කර ඇත.
කලක සිට තිබූ මෙම ආරවුල හේතුවෙන් ගැටුම ඇතිවී තිබෙන බවට පොලිසිය සදහන් කරයි. කාර් රථයෙන් පැමිණි පුද්ගලයාට සහ යතුරුපැදි වලින් පැමිණි අය හැකිනම් හමුවන ලෙස එකිනෙකාට අභීයෝග කරගෙන ඇති අවස්ථාවක අද සවස 4.30 ට පමණ රඹාවැව නාරම්මල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේ දී එකිනෙකා හමුවී ඇත.
එම අවස්ථාවේ දී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා යතුරුපැදිය යටකර දමා තමා සමග ආරවුල ඇති පුද්ගලයාව කපා කොටා මරාදමා ඇත. යතුරු පැදිවල පැමිණි තවත් දෙදෙනෙකු පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
කාර් රථයෙන් පැමිණි පුද්ගලයා පහමුනේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක අයෙකි. මියගිස් ඇත්තේ වයස අවුරුදු 39 ක කිලින්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා ඊයේ සවස ස්ථානය පරීක්ෂා කර බලා මියගිය අයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා යැවීමට පොලිසියට නියෝග කළේය.
මියගිය පුද්ගලයා ගේ සිරුර කටුපොත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

COMMENTS