දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩොලර් බිලියන 10 බඩු සූවස් ඇළේ හිරවෙයි! ලංකාවේ බඩු මිල ඉහළට!! අපනයනවලටත් බලපෑම්!!!
Homeප්‍රවෘත්ති

ඩොලර් බිලියන 10 බඩු සූවස් ඇළේ හිරවෙයි! ලංකාවේ බඩු මිල ඉහළට!! අපනයනවලටත් බලපෑම්!!!

PropellerAds

භා ණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීම හේතුවෙන් සූවස් ඇළ සැපයුම් මාර්ගයේ ඇති වී තිබෙන අවහිරතාවය හේතු කොට ගෙන ඉදිරියේ දී භාණ්ඩ මිල ගණන් හි ඉ...

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය දිනවන්න දෙපාර්ශවයේම කිසිවකු කටයුතු කරන්නේ නෑ - මෛත‍්‍රී
එක්සත් ජාතීන්ගේ හමුදාව ශ්‍රි ලංකාවට..? සමාජ ජාලා හරහා පැතිර යන ඡායාරූප ගැන යුධ හමුදාවෙන් පැහැදිළි කිරීමක් - (photos )
බදියුදීන්ගේ කිසිම වරදක් නෑ.. ඔහු නිර්දෝෂයි.. මං සියල්ල හොයාගත්තා - රන්ජන්
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීම හේතුවෙන් සූවස් ඇළ සැපයුම් මාර්ගයේ ඇති වී තිබෙන අවහිරතාවය හේතු කොට ගෙන ඉදිරියේ දී භාණ්ඩ මිල ගණන් හි ඉහළ යාමක් අනිවාර්යෙන් සිදුවිය හැකි බව කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා පවසයි.

එසේම ශ්‍රී ලංකාවෙන් යුරෝපය, ඇමරිකාව ඇතුළු කලාපය වෙත සිදුකරන පළතුරු, මත්ස්‍ය අපනයනවලට මේ හේතුවෙන් බලපෑමක් ඇතිවිය හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ නැව්ගත කරන්නන්ගේ ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“මෙය මුළු ලෝකයේම වෙළෙඳාමට බලපාල තියෙනවා. මේ වෙන කොට ඩොලර් බිලියන 9.6 ක භාණ්ඩ එම නැව් මාර්ගයේ හිරවෙලා තිබෙනවා. ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ යුරෝපයට, මධ්‍යධරණීය මුහුදට, ඒ තුලින් අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකා එක්සත් ජනපදයට යන භාණ්ඩත්, ඒ ප්‍රදේශයේ සිට එන භාණ්ඩත් සම්පූර්ණ ඇන හිටලා තියෙනවා. ලෝක වෙළෙඳාමේ භාණ්ඩ සහ නිමි භාණ්ඩ, ඒ වගේම තෙල් සියලු දේ මැදපෙරදිග ප්‍රදේශයේ දැන් හිරවෙලා තිබෙනවා. මේ නිසා දැනට ගණන් බලලා තියෙනවා පැයකට ඩොලර් මිලියන 400ක පමණ පාඩුවක් ලෝක වෙළෙඳ ක්ෂේත්‍රයට සහ නාවික ක්ෂේත්‍රයට වෙනවා කියලා.“

“ලංකාවෙන් අපනයනය කරන අපනයනකරුවන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගැනුම්කරුවන් වෙත යාම වැළැක්විලා තියනෙවා. ඒ වගේම යම් අමුද්‍රව්‍ය සහ භාණ්ඩ මෙරටට ආනයනය කරනවා නම් ඒ භාණ්ඩ සම්පූර්ණයෙන්ම නැවතීමක් වෙලා තියෙනවා. මෙය අපිට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම බලපානවා. දැන් ලැබෙන ප්‍රවෘත්තිවලට අනුව මෙම නැව යථාතත්ත්වයට පත්වීම ඉතා අසීරු කාරණයක් බවයි සඳහන් වෙන්නේ. ඒ නිසා සමහර නැව් සමාගම් දකුණූ අප්‍රිකාවේ කේප් තුඩුව හරහා විශාල රවුමකින් යුරෝපයට සහ ඇමරිකාවට මේ භාණ්ඩ ගෙන යාමේ උත්සාහයක් කල්පනා කරමින් සිටිනවා.  එහිදී දින 10 ක කාලයක් පමණ ප්‍රමාද වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පළතුරු සහ ශීත පරිසරයක් අවශ්‍ය මත්ස්‍ය අපනයනවලට මේ නිසා බලපෑමක් අනිවාර්යෙන්ම ඇතිවෙන්න පුළුවන්.“

“ඉදිරියේ දී මේ සැපයුම් ජාලය සම්පූර්ණයෙන් අවහිර වීම නිසා කාලසටහනකට ක්‍රියාකරන නැව් ප්‍රමාද වෙන්න පුළුවන්. අපිට දැනුම් දෙන්න තියෙන්නේ ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට, මේ සැපයුම් ජාලය අවහිර වීම නිසා ඇති වී තිබෙන තත්ත්වය තේරුම් අරගෙන ගැනුම්කරුවන්ට සහ තමන්ට භාණ්ඩ සපයන්නන් දැනුවත් කරලා ඒ සඳහා සූදානම් වෙන්න. අනිවාර්යයෙන්ම ප්‍රමාද වීමක් පළමු කොට සිදුවෙනවා, ඒ පමණක් නොවෙයි ඊට අමතරව භාණ්ඩවල මිල වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම රක්ෂණ වන්දි ඉල්ලීම් විවිධ පැතිවලින් එන්න පුළුවන්. මේ හැමදෙයක් ගැනම අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. මෙය විශාල නාවික අනතුරක් හැටියටයි ලෝකයම දකින්නේ.“

“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකුවහොත්, ලංකාවට එන ආනයන, අපෙන් යන අපනයන ප්‍රමාද වෙනවා. ඒ වගේම අවශ්‍ය නැව් සේවා ඉදිරි කාලයේ දී අඩු වෙන්න පුළුවන්.  එම නිසා මේ නැව වහාම ප්‍රධාන නැව් මාර්ගයෙන් අයින් කළේ නැතිනම් වරාය ක්ෂේත්‍රයටම බලපාන තත්ත්වයකුත් ඉදිරි කාලයේ දී එන්න පුළුවන්. අපේ ප්‍රධානම වෙළෙඳ භාණ්ඩ අපනයන තිබෙන්නේ යුරෝපයට, මැදපෙරදිගට, මධ්‍යධරණී මුහුදට සහ එතනින් අත්ලාන්තික සාගරය හරහා ඇමරිකානු කලාපයට.  අපේ අපනයනවලින් 2/3ක්ම යන්නේ ඒ පැත්තට. ඒ නිසා අපේ අපනයනකරුවන්ට බලපෑමක් සැපයීමේ දී ඇතිවෙන්න පුළුවන්.“


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩොලර් බිලියන 10 බඩු සූවස් ඇළේ හිරවෙයි! ලංකාවේ බඩු මිල ඉහළට!! අපනයනවලටත් බලපෑම්!!!
ඩොලර් බිලියන 10 බඩු සූවස් ඇළේ හිරවෙයි! ලංකාවේ බඩු මිල ඉහළට!! අපනයනවලටත් බලපෑම්!!!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheUqmPa5D_Fc7gdYcCtdxWe17lrOWVHiT3mvwvRVfODmh8ZeKY5226WrfWOKFnTgiEIWX-IJE-_K0UKIva6yRdRwJsjXPCxt6-0JUFupAruHJA77ULdRB7fiXYuiqCG9QDcIcO1JguPTU/s320/Suez-canal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEheUqmPa5D_Fc7gdYcCtdxWe17lrOWVHiT3mvwvRVfODmh8ZeKY5226WrfWOKFnTgiEIWX-IJE-_K0UKIva6yRdRwJsjXPCxt6-0JUFupAruHJA77ULdRB7fiXYuiqCG9QDcIcO1JguPTU/s72-c/Suez-canal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/10_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/10_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy