දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටට කියන සංඛ්‍යාලේඛන බොරු. කොරෝනා රටපුරා පැතිරිලා - PHI සභාපතිගෙන් ප්‍රකාශයක් : මව්රට
Homeප්‍රවෘත්ති

රටට කියන සංඛ්‍යාලේඛන බොරු. කොරෝනා රටපුරා පැතිරිලා - PHI සභාපතිගෙන් ප්‍රකාශයක් : මව්රට

PropellerAds

සෞඛ්‍ය බලධාරීන් රටට ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මේ වනවිට කොවිඩ් - 19 වෛරසය රටපුරා දැඩි ලෙස ව්‍යාප්තව ඇති බවත් ශ්‍රී...

බදියුදීන් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි කිසිදු සාක්‍ෂියක් නෑ..- ඔහුගේ නීතීඥ
තුන්වන රැල්ල අරඹුනා.. කරාමය වසා දමන්න… නැතොත් ආර්ථිකය ඉවරෙටම ඉවරයි..- සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
යුරෝපයටත් වඩා සීඝ‍්‍රයෙන් වෛරසය පැතිරෙනවා.. බොහෝ දෙනෙකු මිය යාවි..- වසංගත රෝග ප‍්‍රධානී…
සෞඛ්‍ය බලධාරීන් රටට ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මේ වනවිට කොවිඩ් - 19 වෛරසය රටපුරා දැඩි ලෙස ව්‍යාප්තව ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මව්රට පුවත්පතට ප්‍රකාශ කර තිබේ. 

මව්රට පුවත්පත සිය වෙබ් අඩවියෙහි පළ කළ පුවත පහතින් දැක්වේ. 

රටට කියන සංඛ්‍යාලේඛන බොරු: කොරෝනා රට පුරා පැතිරිලා: තත්ත්වය භයානකයි: PHI සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කොවිඩ් 19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවත්, බලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මව්රට පුවත්පතට පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම ව්‍යාප්තිය පිළිබඳව බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු නොසොයා ඇතැම් නිලධාරීන් ලබා දෙන සංඛ්‍යා ලේඛන මත රැඳී සිටීමෙන් එම තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති බවය.

එමෙන්ම ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන කොවිඩ් 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බව පවසන සෞඛ්‍ය නිලධාරි සංගමයේ සභාපතිවරයා බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු අවශ්‍ය වේ නම් රජයේ වගකිව යුතු අංශ තම සංගමය සමඟ නිරන්තර සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ යුතු බවද අවධාරණය කර සිටියේය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ රෝහණ මහතා සඳහන් කළේ බස්නාහිර පළාතට බලපා තිබූ මේ ප්‍රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට පාහේ විහිදී ගොස් ඇති බවය. දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක කර්මාන්ත පුරවල සහ පෞද්ගලික අංශවල සේවක පිරිස්ද කොවිඩ් ආශ්‍රිත තත්ත්වයට පත් වී ඇති බවද මේ වන විට හෙළි වී තිබේ. එබැවින් මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සොයා දැඩි තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බවද උපුල් රෝහණ මහතාගේ අදහස වී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාද රට තුළ ආසාදිතයන්ගේ වැඩි වීමක් තිබෙන බව තහවුරු කර සිටියේය. වෙනදා ආසාදිතයන් 400, 500ක් පමණක් හමු වුවද, දැන් එම සංඛ්‍යාව 700 දක්වා වැඩි වන අවස්ථාව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගියදා පැවැති වාර්ෂික උත්සව අවස්ථා තුනකදී බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට ගිය පිරිස්වල සංඛ්‍යාව වැඩි වීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පෙන්වා දුන් සිල්වා මහතා බොහෝ දෙනා සෞඛ්‍ය නීති රීති සහ උපදෙස්වලට අනුව කටයුතු නොකිරීමෙන් එම තත්ත්වය උත්සන්න වී ඇති බවද සඳහන් කළේය.

එහෙත් ආරක්ෂක හමුදාවලද සහාය මත පවතින තත්ත්වයට මුහුණ දීමට කටයුතු යොදා ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

- ප්‍රේමලාල් විජේරත්න
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටට කියන සංඛ්‍යාලේඛන බොරු. කොරෝනා රටපුරා පැතිරිලා - PHI සභාපතිගෙන් ප්‍රකාශයක් : මව්රට
රටට කියන සංඛ්‍යාලේඛන බොරු. කොරෝනා රටපුරා පැතිරිලා - PHI සභාපතිගෙන් ප්‍රකාශයක් : මව්රට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4GM8Ts7ZAyV-ImE0PlmiAZnGoboNNKWOTIuHS3apOKrq9q8UdtnKMCnFA3YuKGXEXbF_zKjQKI-R-DuLxSOTDiqLlY4Obg_UIH55zhyphenhyphenBuT4mGubNsDXtYPUpsABEbCRTgK67eiO30zGM/s320/phi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4GM8Ts7ZAyV-ImE0PlmiAZnGoboNNKWOTIuHS3apOKrq9q8UdtnKMCnFA3YuKGXEXbF_zKjQKI-R-DuLxSOTDiqLlY4Obg_UIH55zhyphenhyphenBuT4mGubNsDXtYPUpsABEbCRTgK67eiO30zGM/s72-c/phi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/phi.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/phi.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy