දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එතනින් මෙතෙන්ටයි මෙතනින් එතෙන්ටයි මාරුවෙන අපේක්ෂකයන්ගෙන් තොර ප්‍රතිපත්තිමය මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් බිහි වෙනවා - හිටපු අමාත්‍ය ජයරත්න හේරත්
Homeප්‍රවෘත්ති

එතනින් මෙතෙන්ටයි මෙතනින් එතෙන්ටයි මාරුවෙන අපේක්ෂකයන්ගෙන් තොර ප්‍රතිපත්තිමය මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් බිහි වෙනවා - හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

PropellerAds

මු දල් වලට පක්ෂය පාවා දීලා එතනින් මෙතෙන්ටයි මෙතනින් එතෙන්ටයි මාරුවෙන අපේක්ෂකයන්ගෙන් තොර ප්‍රතිපත්තිමය මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් ජන...

පලෙයි වෛද්‍යවරයාගේ පාපොච්චාරණයෙන් කොටි ගිනිඅවි තොගයක් හසුවේ !
රටට ආර්ථිකයට හොද අයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දෙනවා - බදියුදීන් වැට උඩ සිට කියයි
ranil wikramasingha
මුදල් වලට පක්ෂය පාවා දීලා එතනින් මෙතෙන්ටයි මෙතනින් එතෙන්ටයි මාරුවෙන අපේක්ෂකයන්ගෙන් තොර ප්‍රතිපත්තිමය මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් ජනාධිපතිතුමාගේ සංකල්පය මත බිහිවෙනවා යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුයේ 2020- 02-04 කුරුණෑගල ඉඳුල්ගොඩකන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, වර්ථමාන දේශපාලනය දිහා බලපුවාම අපේ රටේ විවිධ දේශපාලඥයන් ප්‍රතිපත්තිමය දේශපාලනයෙන් ඉවතට ගිහින් තිබුනේ. තමන්ගේ පෞද්ගලික වාසියට ඒ පැත්තටයි මේ පැත්තටයි මාරුවෙමින් තමයි දේශපාලනය කරේ. මිත්‍රවරුනි මම කියන්න කැමතියි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බොහොම ඍජු තීරණ ගන්න පුද්ගලයෙක්. එතුමාගේ නව සංකල්පය අනුව නොයෙක් ආකාරයේ සිහින මවාගෙන ඉන්න සමහර අපේක්ෂකයන්ට සෙල්ලම්කරන්න හම්බෙන්නේ නෑ. අන්තිම තීරණය වෙන්නේ ගරු ජනාධිපතිතුමාගේ තීරණයයි. ඒ නිසා ඉදිරි මැතිවරණයේදී  මුදල් වලට පක්ෂය පාවා දීලා එතනින් මෙතෙන්ටයි මෙතනින් එතෙන්ටයි මාරුවෙන අපේක්ෂකයන්ගෙන් තොර ප්‍රතිපත්තිමය මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් ජනාධිපතිතුමාගේ සංකල්පය මත බිහිවෙනවා. විශේෂයෙන් තමුන්නාන්සේලා දන්නවා මේ ඉඳුල්ගොඩකන්ද ප්‍රදේශය  අතීතයේ බොහොම දුෂ්කරතා තිබුණු ප්‍රදේශයක්.  පසුගිය ආණ්ඩුවෙන් ෆ්‍රී වයි ෆයි මුළු රට පුරාම දෙනවා කිව්වට තාම මේ ප්‍රදේශයට ජංගම දුරකථනයකට සිග්නල් එන්නෙත් බොහොම අඩුවෙන්. ඒ නිසා  ගමින් ගමට මේ දුෂ්කරතා මගහරිමින් ලංකාව  සියලු පහසුකම් සහිත අසිරිමත් දේශයක් බවට පත්කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුක අපි කටයුතු කරන බව කියන්න කැමතියි.

ඒ වගේම අද කොරෝනා කියන වෛරසය ගැන හුඟදෙනෙක් කතාකරනවා. කොරෝනා වෛරසය නිසා රන්ජන්ගේ රේකොඩින් කතාව දැන් ජනතාවට අමතකවෙලා තියෙන්නේ. ගෝඨාභය ජනාධිපතිතුමා විධිමත් විදියට  වැඩ කරන හින්දා ඔය ඔක්කොම වෛරස් එනකොටම නැතිවෙලා ගිහින් ජනතාව ආරක්ෂා වෙනවා. පසුගිය ආණ්ඩු කාලයේදී එහෙම කොරෝනා ආවානම් තාමත් එයාලා කෘත්‍යදිකාරි මණ්ඩල රැස්කරලා සාකච්ඡා කරනවා. ඒ තරමට මන්දගාමිව වැඩකරපු ආණ්ඩුවක් තමයි එක්සත් ජාතික පක්ෂයේ තිබුනේ. අපේ වාසනාවට තමුන්නාන්සේලාගේ වාසනාවට ඒ වගේම තමුන්නාන්සේලාගේ දරුවන්ගේ වාසනාවට අනාගතය සුරක්ෂිත කරන්න කෙලින් වැඩකරන පුද්ගලයෙක් අද ජනාධිපති වෙලා ඉන්නවා. ඒ නිසා අද අපිට රට ගැන බයක් නෑ. රටේ අනාගතය ගැන බයක් නෑ.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, පාර්ලිමෙන්තුවට  අළුත් මුහුණු එක්වෙන එක හොඳයි. එතකොට අත්දැකීම් තියන අපිට ඔවුන් සමග ජනාධිපතිතුමාගේ නව සංකල්පයන් ක්‍රියාත්මක කරන්න ලේසියි. උගත් බුද්ධිමත් අය වගේම පාසල් ගිහින්, දහම් පාසල් ගිහින් සමාජයේ සාරධර්ම ඉගෙනගෙන පරිපූර්ණවූ අපේක්ෂකයන්ට පාර්ලිමේන්තු වරම් හිමිකරදීම නිසා අනාගතයේදී දූෂණය භීෂණය සහ හොරකම කියනදේ නැත්තටම නැතිවෙලා යාවි. විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළත් බුද්ධිමත් දේශපාලන ප්‍රජාවක් ඇතිකිරීමේ සංකල්පයට අපි සහයෝගය දිය යුතුයි. ඒ වෙනුවෙන් බුද්ධිමත් තමුන්නාන්සේලා නියම විදියට කටයුතු කරන්න. අපි දකිනවා අද මැතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවෙන් සිටින සමහර අපේක්ෂකයන් මේ උගත් බුද්ධිමත් කම ගැන වැඩිපුර කතාකරනවා. වැඩියෙන් කතාකරත් අඩුවෙන් කතාකරත් ජනාධිපතිතුමා සුදුසු කෙනා කවුද කියලා සියළු තීන්දු තීරණ ගනියි.

මෙම අවස්ථාවට කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්, ශාඛා සමිති නිලධාරීන්  සහ කුරුණෑගල  වැඩිහිටි  සංගම්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

ඉහත ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ ලබාදෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.

චරක වික්‍රමසිංහ
හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එතනින් මෙතෙන්ටයි මෙතනින් එතෙන්ටයි මාරුවෙන අපේක්ෂකයන්ගෙන් තොර ප්‍රතිපත්තිමය මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් බිහි වෙනවා - හිටපු අමාත්‍ය ජයරත්න හේරත්
එතනින් මෙතෙන්ටයි මෙතනින් එතෙන්ටයි මාරුවෙන අපේක්ෂකයන්ගෙන් තොර ප්‍රතිපත්තිමය මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් බිහි වෙනවා - හිටපු අමාත්‍ය ජයරත්න හේරත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNaXruvrZU8Mz-XPG67cZpFlHfrGgKEzkR_E2b8PizmNj4J6GdQfC_XWbdA5Ge65eweoI-QK-fwq0vwg7xgruhANjKFkHyWcVKWUqd6M1PMdtGEgoHdoHfKFVj-GupAgP9bnOR9APqwxPo/s320/jayarathna-herath.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNaXruvrZU8Mz-XPG67cZpFlHfrGgKEzkR_E2b8PizmNj4J6GdQfC_XWbdA5Ge65eweoI-QK-fwq0vwg7xgruhANjKFkHyWcVKWUqd6M1PMdtGEgoHdoHfKFVj-GupAgP9bnOR9APqwxPo/s72-c/jayarathna-herath.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_707.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_707.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy