දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'හරීන්ගේ මයිලකටවත් හානියක් වුනොත් ජනාධිපති වගකීම බාරගන්න ඕන' - ජනපතිගේ කතාවට සජිත්ගෙන් දැඩි ප්‍රතිචාරයක් - (video)
Homeප්‍රවෘත්ති

'හරීන්ගේ මයිලකටවත් හානියක් වුනොත් ජනාධිපති වගකීම බාරගන්න ඕන' - ජනපතිගේ කතාවට සජිත්ගෙන් දැඩි ප්‍රතිචාරයක් - (video)

PropellerAds

ස මගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව විප...

මහින්ද-ගෝටා සහෝදරයන් රට පාලනය කරද්දී එලහරකා-මීහරකා පාලනය අවසන් වෙනවා..
sajith premadasa
radha krishnan
මගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මහජන නියෝජිතයකු වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව තුළදී කළ කතාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තර්ජනාත්මකව සිදු කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු සහ සහෝදර මන්ත්‍රීවරයකු වන හරීන් ප්‍රනාන්දු මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජනය හමුවේ ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් සහ පක්ෂය සම්පූර්ණයෙන්ම කැපවන බව පැවසූ ඒ මහතා හරීන් ප්‍රනාන්දු මහතාට අබමල් රේණුවක පමණින් හෝ හානියක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා සහ රජය බාරගත යුතු බවත් අවධාරණය කළේය. 

මොනයම් හෝ ආකාරයක තර්ජනයකින් ගර්ජනයකින් ජනතාවගේ මතය යටපත් කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා මෑතකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද ප්‍රජාතන්ත්‍රවාදය කෙළසමින් තර්ජනයෙන් ගර්ජනයෙන් භීෂණයෙන් ජනතා මතය යටපත් කිරීමට උත්සාහ දැරූ නමුත් අවසානයේ සිදුවුනේ ඔහුට එරෙහිව ඔහුගේම පක්ෂය තුළින් පවා දැවැන්ත විරෝධයක් ගොඩනැඟීම බවත් සිහිපත් කළේය. 

එසේම අපේ රට තුළ කිසිදු ආකාරයකින් තර්ජනයට ගර්ජනයට භීෂණයට ප්‍රචණ්ඩත්වයට හෝ ම්ලේච්ඡත්වයට කිසිදු ඉඩක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම උදෙසා තමන් සහ තම පක්ෂය දිවිහිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් වදින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පෙරවරුවේ පැවති සමගි ජන බලවේගයේ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'හරීන්ගේ මයිලකටවත් හානියක් වුනොත් ජනාධිපති වගකීම බාරගන්න ඕන' - ජනපතිගේ කතාවට සජිත්ගෙන් දැඩි ප්‍රතිචාරයක් - (video)
'හරීන්ගේ මයිලකටවත් හානියක් වුනොත් ජනාධිපති වගකීම බාරගන්න ඕන' - ජනපතිගේ කතාවට සජිත්ගෙන් දැඩි ප්‍රතිචාරයක් - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOF5bktu2SgUurpzYY5Ht8EnR9fvQRn1aQr9dg4EsLe3Kt1CKfw-sFthzC49Ff_Chzh4fw0tKT4-OiJbCNE0JpgKdc41MxHqbf7eDZo3jxcEsin4u4vXIlZbExfIouiMntkoBdn3eArtQ/s320/Sajith-premadasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOF5bktu2SgUurpzYY5Ht8EnR9fvQRn1aQr9dg4EsLe3Kt1CKfw-sFthzC49Ff_Chzh4fw0tKT4-OiJbCNE0JpgKdc41MxHqbf7eDZo3jxcEsin4u4vXIlZbExfIouiMntkoBdn3eArtQ/s72-c/Sajith-premadasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/video_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/video_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy