දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුස්ලිම් මෘත දේහ ආදාහනය කුරාණයේ තහනම් නෑ.. මෙන්න ඇත්ත…
Homeප්‍රවෘත්ති

මුස්ලිම් මෘත දේහ ආදාහනය කුරාණයේ තහනම් නෑ.. මෙන්න ඇත්ත…

PropellerAds

අපේ රටේ මේ මොහොතේ සංවාදය තියෙන්න ඕනේ කොවිඩ්-19 වසංගතයට අපේ රටේ ජනතාව ගොදුරු වීම වළක්වා ගන්නේ කෙසේද? කොවිඩ් -19 වසංගතයට ගොදුරු වුණ අය මරණයෙ...

පාඨලී සැරසෙන්නේ ජනපතිවරණයටද? - ප්‍රචාරණ වියදමට මිලියන 580ක් !
මහා සංඝරත්නය ගෝඨාභයට කරුණු දෙකක් මතක් කරයි
දයාසිරි හෙළුවෙන් එජාපයට එක්වෙන්න සූදානමක - ඩිලාන්
අපේ රටේ මේ මොහොතේ සංවාදය තියෙන්න ඕනේ කොවිඩ්-19 වසංගතයට අපේ රටේ ජනතාව ගොදුරු වීම වළක්වා ගන්නේ කෙසේද? කොවිඩ් -19 වසංගතයට ගොදුරු වුණ අය මරණයෙන් බේරා ගන්නේ කෙසේද? කියන සංවාදයයි. නමුත් අවාසනාවට අපේ රටෙහි අද සංවාදය සිද්ධ කරන්නේ, විපක්ෂය සංවාදය හදලා තියෙන්නේ මැරුනට පස්සේ මොකද කරන්නේ කියන එකයි. භූමිදානය ද අදාහනයද කියන එකයි. මැරෙන එක වළක්වා ගැනීම මිස මැරුණට පස්සේ මොකක්ද කරන්නේ කියන එක රටේ සංවාදය නොවිය යුතුයි කියලයි අපි නම් විශ්වාස කරන්නේ.

මේ සංවාදයේදී රටේ වසංගත තත්ත්වයක් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් කළාට පස්සෙ රටේ නිසි බලධරයා වෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්වරයා යි. සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්වරයා මේ රෝගය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මාර්ගෝපදේශ පක්ෂ භේදයෙන් තොරව, ජාති භේදයෙන් තොරව, ආගම් භේදයෙන් තොරව ජාතියක් විදිහට අපි එක්ව අනුගමනය කළොත් තමයි අපිට මේ ව්‍යසනයෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ .

අපි කවදාවත් මියගිය කොවිඩ් රෝගීන් ආදාහනය කළ යුතුයි කියලා බලපෑම් කළෙත් නෑ, භූමදානය කරන්න එපාය කියලා බලපෑම් කළෙත් නෑ. විශේෂඥ මතය මොකක්ද, රටේ නීතිය මොකක්ද, අන්න ඒකට ගරු කළ යුතුයි කියන ස්ථාවරයේ අපි හැමදාමත් හිටියේ.

හැබැයි මුස්ලිම් දේශපාලකයන් දැඩිව කියනවා අපේ ආගමට අනුව ආදාහනය කිරීම දේව කැමැත්ත පටහැනියි කුරාණය කියා ඇත්තේ භූමිදානය පමණයි කියලා. මම මේ කාරණය නිසා කුරාණය මුල සිට අගට දෙපාරක් කියෙව්වා. පස්වන පරිච්ඡේදයේ හරි අපූරු දෙයක් තියෙනවා. ආදම්ගේ පුතුන් දෙදෙනා අතර ඇතිවුණ ගැටුමෙන් එක් පුතෙක් මරණයට පත් වෙනවා. කුරානය අනුව ලෝකයේ පළවෙනි මරණය. මේ දේහයට මොකක්ද කරන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා . 31ඡේදයේ කියනවා දෙවියන් වහන්සෙ කුරුල්ලෙක් ඒවලා කුරුල්ලා බීම කොටලා ඉගි කරනවා මෙම දේහය පස් වලින් ආවරණය කළ යුතුයි කියලා. ඔතන තමයි මේ ආදාහනය ගැන තියෙන්නේ. හැබැයි මේ කුරාණනය කියෙව්වම දැක්ක දෙයක් තමයි මේක තියෙන්නෙ තිස්එක් වෙනි ඡේදයේ එතන අනිවාර්යයෙන් කළ යුතු දෙයක් විදියට භූමිදානය සඳහන් වෙන්නේ නැහැ. කුරාණයේ කොතනවත් ආදාහනය තහනම් කළ දෙයක් හරාම් දෙයක් විදිහට ආදානය සඳහන් වෙන්නෙ නෑ. මුස්ලිම් බැතිමතුන්ගේ විවාහය සම්බන්ධයෙන් ආහාර පිළිගැනීමේදී විවිධ කාරණා වලදී ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් හරාම් දේවල් මොනවද හලාල් දේවල් මොනවද කියලා කුරාණයේ සඳහන් වෙනවා. හැබැයි භූමිදානය අනිවාර්යයෙන් කළ යුතු දෙයක් ය ආදාහනය අනිවාර්යෙන් නොකළ යුතු දෙයක් කියලා මා කියවූ කුරාණයේ කිසිම තැනක සඳහන් වෙලා නෑ.

මම කුරාණය පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. කුරාණනය පිළිබඳ විද්වතෙක් නෙවෙයි. මම ඒ නිසා ආරාධනය කරනවා මේ ගැන හඬ නගන අපේ මුස්ලිම් මන්ත්‍රිවරුන්ට කුරාණයේ කොතනද ආදාහනය හරාම් කියලා අනිවාර්යෙන් භූමිදානය කළ යුතුයි කියලා සඳහන් වෙන්නේ කියලා අපිට කියන්න කියලා. අපි ආරාධනා කරනවා. එහෙම නම් මේක චාරිත්‍රයක් අරාබි සංස්කෘතිය සමග ගැට ගැසුණු. දැන් ඔය පලවෙනි මරණය සිද්ධ වෙන වෙලාවේ ගින්දර සොයා ගෙන නොතිබුණා වෙන්න එපැයි. එවැනි පසුබිම තිබුණු චාරිත්‍රයක්. ඒ නිසා චාරිත්‍ර පිළිබඳ ගත්තොත් හැම ආගමේම චාරිත්‍රතියෙනවා. හැබැයි ඒ චාරිත්‍ර අමතක කරලා අපට සෞඛ්‍ය බලධාරීන්ට අවනත වෙන්න සිද්ධ වෙනවා කියලා සිහිපත් කරන්න ඕන.

– media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් මෘත දේහ ආදාහනය කුරාණයේ තහනම් නෑ.. මෙන්න ඇත්ත…
මුස්ලිම් මෘත දේහ ආදාහනය කුරාණයේ තහනම් නෑ.. මෙන්න ඇත්ත…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkVQrdAt-IyEkty7c3kNIq1dS1IFRCAM-ry59mwLxL0Ekk6B3VmnO1ZpMJti-YKzWgOKMD-vsg0u0bQCOEZhylY6VbTYCaIBCi6xSQwm_GFouHq8R8LGuwO7lbDunmmnkGyLGej3s0QiU/s320/death.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkVQrdAt-IyEkty7c3kNIq1dS1IFRCAM-ry59mwLxL0Ekk6B3VmnO1ZpMJti-YKzWgOKMD-vsg0u0bQCOEZhylY6VbTYCaIBCi6xSQwm_GFouHq8R8LGuwO7lbDunmmnkGyLGej3s0QiU/s72-c/death.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_900.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_900.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy