වි ජිතමුණි සොයිසා, ෆවුසි, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටියදී ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ නොකැඳව...
විජිතමුණි සොයිසා, ෆවුසි, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටියදී ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ නොකැඳවන්නේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා සූදානමින් සිටින නිසා දැයි තමන් ප්‍රශ්න කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඊයේ දිනයේ පොදුජන පෙරමුණේ සමුළුවට එක් වීම හේතුවෙන් විනය පරීක්ෂණ කරන බවට දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව සඳහන් කළේය.
දයාසිරි ජයසේකර අද සිටින්නේ හෙළුවෙන් යයි මෙරට මිනිසුන් දැනගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සමගින් දැන් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරමින් සඳහා එක්වීම බවද ඔහු කියා සිටියේය.

COMMENTS