පෞ ද්ගලික අභිමතාර්ථ පසෙකලා මාතෘ භූමිය පෙරටු කරගත් නායකත්වයක් රටට අවශ්‍ය බව මහා සංඝරත්නය පවසනවා. අනාගත නායකත්වය අපේක්‍ෂා කරන ගෝඨාභය රාජපක්‍ෂ...
පෞද්ගලික අභිමතාර්ථ පසෙකලා මාතෘ භූමිය පෙරටු කරගත් නායකත්වයක් රටට අවශ්‍ය බව මහා සංඝරත්නය පවසනවා. අනාගත නායකත්වය අපේක්‍ෂා කරන ගෝඨාභය රාජපක්‍ෂ මාතෘ භූමිය රැක ගැනීමට ප‍්‍රමුඛතාව දිය යුතුව ඇති බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ.
මෙම අදහස් පළ කෙරුණේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට ආශිර්වාද පැතීම වෙනුවෙන් ඊයේ (12) පස්වරුවේ රුවන්වැලි මහා සෑ මළුවේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවේදීයි.
එහිදී ප‍්‍රධාන අනුශාසනාව පැවැත්වූයේ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින්.
එහිදී "ඔබතුමාට වගකීම් දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ තුමාගෙන් වගකීම ඉෂ්ඨ සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන මහා සංඝරත්නයේත් රට වැසියන්ගේත් ඒ බලාපොරොත්තු ඉටු කරන එක. ඒ වගේම පෞද්ගලික අපේක්ෂාවන්වලට වඩා පළමුවත් දෙවනුවත් තෙවනුවත් වටින්නේ රට කියන කාරණය කිසිඳු අවස්ථාවක මනසින් බැහැර නොකොට කටයුතු කළ යුතුයි කියලා සිහිපත් කරනවා." යනුවෙන් සඳහන් කෙරුණා.
රුවන්වැලි මහා සෑ මළුවේ පැවැත්වූ මෙම ආශිර්වාද පූජාවට භික්‍ෂූන් වහන්සේ 1,500 කට අධික පිරිසක් වැඩම කර සිටියා.
මේ අතර ජනාධිපති අපේක්‍ෂකත්වයට ගෝඨාභය රාජපක්‍ෂ නම් කිරීම වෙනුවෙන් ඊයේ දිනයේද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විවිධ සැමරුම් පැවැත්වුණා.

COMMENTS