දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලැබූ සුමන හිමිට ජනාධිපති සමාව
Homeප්‍රවෘත්ති

ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලැබූ සුමන හිමිට ජනාධිපති සමාව

PropellerAds

ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවමට ලක්ව සිටින මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව...

අත්අඩංගුවට ගැනීමට පෙර නාමල් FCIDය ගැන කළ ප්‍රකාශය
චන්ද්‍රිකා උතුරේ නිදහස් කළ ඉඩම් බලන්න යයි
මව සහ දියණිය බස් රථයකට යටවෙයි - දියණිය මරුට
ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවමට ලක්ව සිටින මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව තිබේ. ඒ, දඩුවමට එරෙහිව ගොනු කර ඇති අභියාචනය ඉල්ලා අස්කර ගැනීමේ කොන්දේසියට අනුවය.
 
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් ඔහුගේ ප්‍රධානම ආධාරකරුවකු ලෙස කටයුතු කළහ.
 
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි, උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ 2020 ජුනි 01දා  ය.
 
ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
 
ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
 
මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන්, මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ්‍රමනියම් නමැති තිදෙනකුද චෝදනා ලැබ සිටියේය.
 
එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.
 
ඌවතැන්නේ සුමන හිමියන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ ජනාධිපති හා අගමැතිගෙන් ඉල්ලීම් කර තිබිණ. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලැබූ සුමන හිමිට ජනාධිපති සමාව
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලැබූ සුමන හිමිට ජනාධිපති සමාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaF0114SvgwXAjaTSKKnEdDP09cu-5LZfd9VLwf6_X4UiOv4NIuS7XBNRuAO66LN_65B59keu3WkcybCu_zr4x54TUQ0FhFUn71n8ENfL6RLXUMuaeID56seM-0ooBN22PRrtPEwgy1TM/s320/Uwa-thane.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaF0114SvgwXAjaTSKKnEdDP09cu-5LZfd9VLwf6_X4UiOv4NIuS7XBNRuAO66LN_65B59keu3WkcybCu_zr4x54TUQ0FhFUn71n8ENfL6RLXUMuaeID56seM-0ooBN22PRrtPEwgy1TM/s72-c/Uwa-thane.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy