ජනතාවට පොරොන්දු රැසක් ලබා දී එම පොරොන්දු ඉටු නොකර රාජපක්‍ෂ පවුල සිරභාරයට ගැනිමට පමණක් වත්මන් රජය කටයුතු කරන බව හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්...
ජනතාවට පොරොන්දු රැසක් ලබා දී එම පොරොන්දු ඉටු නොකර රාජපක්‍ෂ පවුල සිරභාරයට ගැනිමට පමණක් වත්මන් රජය කටයුතු කරන බව හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ මස්කෙළිය ආසනයේ සංවිධායකයන් විසින් ඊයේ (14) ගිනිගත්හේන බි‍්‍රටාස් හෝටලයේ පැවති විශේෂ රැස්විමකදී ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්‍ෂ මන්ති‍්‍රවරයා පැවසුවේ ජනවාරි 8 වැනිදා මේ රටේ වෙනසක් ඇති කිරිම සදහා හංසයාට ජන්දය ලබා දුන් මේ රටේ ජනතාවටද මේවනවිට රටේ පැණ නැගි ඇති ආර්ථික ගැටලූ සම්බන්ධයෙන් වැටහී ඇති බවයි.
ආණ්ඩුවට විරුද්ධ ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් අත්අඩංගුවට ගැනිම සදහා පිහිටුවා ඇති එෆ්.සි.අයිඩිය අද සිරිකොතේ ශාඛාවක් බවට පත් වි ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.
මෙහිදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ති‍්‍රක් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර සී.බී රත්නායක මහතා පැවසුවේ මේරටේ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන මේ රටේ විශාල සංවර්ධනයක් සිදුකල රාජපක්‍ෂ පවුල් විනාශ කිරිමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි.
අරලියගහ මන්දිරය ජාතියට හා ජාත්‍යන්තරයට අවශ්‍ය විදියට හිටපු ජනාධිපතිවරයා සංවර්ධනය කළේ එය ඔහුට රැගෙන යාමට නොව එය රටේ අවශ්‍යතාවයක් නිසා බවයි.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අද (15) අත්අඩංගුවට ගත්තේය.
හෙලෝකෝප් සමාගමේ රුපියල් කෝටි දොළහ හමාරක කොටස් නීති විරෝධීව මිලදී ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබිණි.
COMMENTS