යුද්ධයෙන් පසුව යාපනයේ අධි ආරක්ෂිත කලාපයන් වෙතට ගෙන නැවත ඉඩම් අයිතිය සාමාන්‍ය වැසියන්ට ලබා දුන් ඉඩම් නිරීක්ෂණයකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රික...
යුද්ධයෙන් පසුව යාපනයේ අධි ආරක්ෂිත කලාපයන් වෙතට ගෙන නැවත ඉඩම් අයිතිය සාමාන්‍ය වැසියන්ට ලබා දුන් ඉඩම් නිරීක්ෂණයකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක් වුවාය.
යාපනය, පලාලි ගුවන් හමුදා කඳවුරේදී නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරී මහත්මිය, උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එන්.යූ.එම්.එම්. ඩබ්.සේනානායක යන අය විසින් පසුගිය 13 වන දා පිළිගනු ලැබීය.
පසුව හිටපු ජනපතිනිය යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ මගපෙන්වීම යටතේ යාපනය කන්කසන්තුරේ අධිආරක්ෂිත කලාපවල පිහිටි සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් නිදහස් කිරීමෙන් පසුව එම ඉඩම්වල යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන නිවාස නිරීක්ෂණයක නිරත විය.
මෙහිදී අධි ආරක්ෂිත කලාපයන්හි නිදහස් වූ ඉඩම් ලාභීන් වෙනුවෙන් රජය විසින් මෙන්ම යුදහමුදාව විසින් සිදුකරන සහන කටයුතු සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර රෙජිනොල් කුරේ මහතා විසින් හිටපු ජනාධිපතිනිය පූර්ණ දැනුවත් කිරීමක් සිදු කළේය.
COMMENTS