2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍ර...
2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
"අපේ පක්ෂයට කළුතර සහ නුවරඑළිය සඳහා අපේක්‍ෂකත්ව ලැබුණේ නැහැ. ගම්පහට ලැබුණේ එකයි. කුරුණෑගලට හමුවුණේ දෙකයි. අපට සාධාරණ අපේක්ෂක ගණනක් ලැබුනේ නැහැ. අපි ඉල්ලුවා අපේක්ෂකයින් 30ක්. නමුත් ලැබුණේ නැහැ. නැත්නම් අපේ 30ක් විතර පාර්ලිමේන්තු යනවා."
"ඉදිරි පළාත් සභා මැතිවරණය එකතුවෙලා තරඟ කිරීමටයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපිට ලැබිය යුතු සාධාරණ ආසන ගණන ලැබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. අපිට එය ලැබුණොත් ආණ්ඩුවත් එක්ක එකතුවෙලා තරඟ කිරීමට ගැටළුවක් නැහැ. නමුත් සාධාරණ ලෙස නොසැලකුවහොත්, අපේ පක්ෂය තීරණය කරාවි තනියෙන් තරඟ කිරීමට. අපි විකල්ප දෙකටම ලෑස්තියි."
මෙරට කොවිඩ් දේහ සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ ව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මෙවැනි අදහසකි.
"අනිවාර්යෙන් ම කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතුයි යන ගැටලුව ගමු. එම රෝගයට ගොදුරුව මියයන තම ඥාතීන් ව භූමදාන කිරීමේ අයිතිය මුස්ලිම්වරුන්ට දිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා භූමදානය කළ හැකියි කියලා. හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට එකඟයි."

COMMENTS