පසුගියදා ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තිදෙනකුට ඉදිරි ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී කැබිනට් ඇමැති ධුර ...
පසුගියදා ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තිදෙනකුට ඉදිරි ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී කැබිනට් ඇමැති ධුර ලබා දී යළි එක්‌කර ගැනීමට ආණ්‌ඩුවේ සිටින එම පක්‍ෂයේ පිරිසක් රහසිගත සැලසුමක නිරතව සිටින බව වාර්තා වේ.
මෙම තිදෙනා හිටපු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන බවද දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.
තම කණ්‌ඩායම පෙනී සිටියේ එකම අරමුණක් වෙනුවෙන් බවත් යළිත් වත්මන් අගමැති යටතේ ආණ්‌ඩුවවට කිසිවකුට එක්‌විය නොහැකි බවත් ආණ්‌ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්‌ඩායමේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේය.
එසේම දැනට ආණ්‌ඩුවේ ඇමැති ධුර දරන කිහිප දෙනකුම ඉදිරියේදී ඇමැතිධුර අතහැර තම කණ්‌ඩායම සමගම ස්‌ථීරව විපක්‌ෂයට එක්‌වන බවද එම මන්ත්‍රීවරයා පැවසී ය.
අමාත්‍ය ධූරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායමට අද රාත්‍රියේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගනු ලබන තීරණවලට අනුව තවත් පිරිසක් එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසී ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුවේ ඉදිරි කටයුතු සඳහා නිදහස් පක්ෂයේ දායකත්වය මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
මැයි මස 08 වනදා වනවිට බොහෝ පිරිසක් තම කණ්ඩායමට එක් වනු ඇති බවත් අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරුවේ පැවැත්වීමට නියමිත බවත් මන්ත්‍රීවරයා පැවසී ය.
ඊට පෙර නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා කොළඹ දී සහ කුරුණෑගල දී ඊයේ (23) රාත්‍රියේ වෙන වෙනම රැස්වී සාකච්ඡා කර තිබිණි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(24) රාත්‍රී 8.00ට ජනාධිපති නිල නිවසේ දී රැස්වීමට නියමිතව තිබේ. මධ්‍යම කාරක සභාව රැස්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ද රැස්විම නියමිතව තිබේ.
මේ සඳහා පසුගියදා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාට ද ආරාධනා කර ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර ආණ්ඩුව සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙහිදි අවසන් එකඟතාවයකට පැමිණීමටද නියමිතය.
කෙසේවෙතත් ලබන මැයි අට වන දින පාර්ලිමේන්තු රැස්වීමේ දී තමන් ඇතුළු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම අනිවාර්යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පැවසී ය.
අදාළ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ (23) රාත්‍රී විශේෂ සාකච්ඡාවක නිරත වු අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
කෙසේවෙතත් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සියලු පක්ෂ එක්ව නව බලවේගයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
මේ අතර, ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබද කරුණු අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු කමිටුවේ වාර්තා අද (24) ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය.
ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබද කරුණු අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 13 වන දා මෙම කමිටුව පත් කළ අතර ඊට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත් විය.
COMMENTS