අලූත් අවුරුදු උදාවෙන් පසු පවත්වනු ලබන පළමු කැබිනට් මණ්ඩලය අද (24) උදෑසන 9.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි...
අලූත් අවුරුදු උදාවෙන් පසු පවත්වනු ලබන පළමු කැබිනට් මණ්ඩලය අද (24) උදෑසන 9.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම වර්ජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු අද උදෑසන පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ.
අවසන් වරට පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට නිදහස් පක්ෂ අමාත්‍යවරුන් තීරණය කරනු ලැබුවේ පසුගිය 09 වනදා පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය.
පසුගිය කැබිනට් රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම අමාත්‍යවරුන් වර්ජනය කළ අතර, එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු පමණක් ඊට සහභාගි වූහ.
අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිරිපිටි, ඉන්ධන සහ ගෑස් යන ආදියේ මිල ගණන් පිළිබදව තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳව කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොවූ බව වාර්තා වේ.
කැබිනට් රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සාමකාමී ලෙස කැබිනට් රැස්වීම පැවති බවත්, සියලූම යෝජනාවලට අනුමැතිය හිමි වූ බවයි.
මේ අතර, අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.
කෙසේ වෙතත්, නව අමාත්‍ය මණ්ඩලය ලබන සතියේදී පත් කරන බව බී.බී.සී. සංදේශය සමඟ සාකච්ජාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල මහතා සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (23) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව පවත්වා නොමැති බවද වාර්තා වේ.
මේ අතර, කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් කැබිනට් සංශෝධනයක් පසුගියදා සිදු කෙරුණු බැවින් නැවත කැබිනට් සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ යම්යම් අදහස් පළවෙමින් පවත්නා බවත්, ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය ගන්නා තීරණය ඉදිරි දිනයකදී දැනුම් දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයේ අමාත්‍ය තනතුරු වෙනස් වීම සම්බන්ධයෙන්ද තවදුරටත් සාකච්ඡා කරන බවද වාර්තා වේ.
COMMENTS