අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ මූලයන් රට තුළ පවතින තාක් කල්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක විය යුතු බව, අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසය...
අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ මූලයන් රට තුළ පවතින තාක් කල්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක විය යුතු බව, අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ලෙසට, මීට පෙරද යෝජනා ඉදිරිපත් වූ නමුත්, එවැන්නක් මෙතෙක් ක්‍රියාත්මක වී නැත.
එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය පාර්ශ්වයෙන්, නැවත් වරක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරන ලෙසට බලපෑම් එල්ල වී ඇති බවත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරනවාට තමන් විරුද්ධ බවත් අමාත්‍යවරයා පවසයි.
මේ වන විටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින පිරිස් සිටින අතර, පනත සංශෝධනය කිරීමට සිදුවුවහොත්, ඔවුන් සම්බන්ධයෙන් ද යම් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය, පෙබරවාරි මාසයේ 22 සහ මාර්තු මාසයේ 19 අතර කාලයේ රැස්වීමට නියමිත අතර, ඔවුන්ගේ න්‍යාය පත්‍රය තුළ, ලංකාව පිළිබදව සාකච්ඡා කිරීම ද ඇතුළත් ය.
ද මෝර්නිං පුවත්පත ඇසුරෙනි.
COMMENTS