මේ රටේ මහ බැංකුවේ විශාල මුදල් වංචාවක් සිදු කල සිංගප්පුරුවේ රැදි සිටින අර්ජුන මහෙන්ද්‍රන් මහතාව සිංගප්පුරුවේ මේ දිනවල රැදි සිටින අග්‍රාමාත්...
මේ රටේ මහ බැංකුවේ විශාල මුදල් වංචාවක් සිදු කල සිංගප්පුරුවේ රැදි සිටින අර්ජුන මහෙන්ද්‍රන් මහතාව සිංගප්පුරුවේ මේ දිනවල රැදි සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යලි පැමිණෙන විට කැදවාගෙන එන තෙක් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම ගුවන් තොටුපලේ මග බලන් සිටින බව එකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සි.බි රත්නායක මහතා පැවසිය.
සි.බි රත්නායක මහතා ඒ බැව් අද (10) කියා සිටියේ නුවරඑළිය නගරයේ එකාබද්ධ විපක්ෂ කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදිය.
ශ්‍රි ලංකාවේ පුරවැසි භාවයක් පවා නොතිබුණු සිංගප්පුරු ජාතික අග්‍රාමාත්‍යවරයාගේ හිතවතෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට මේ රටේ මහ බැංකුවේ අධිපතිකම ලබා දුන් බව සි.බි.රත්නායක මහතා කියා සිටියි.
චයිනාහාබර් සමාගම විසින් හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතාට මැතිවරණ කටයුතු සදහා මුදල් ලබා දුන් බව ඇමරිකාවේ ටයිම්ස් පුවත් පත මගින් ප්‍රචාරය කර රටේ අවධානය වෙනතකට යොමු කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මඩ ප්‍රචාර පතුර වන බවද පැවසීය.
2015 වසරේ ජනවාරි 15 දින බහුතර බලයක් නොමැතිව බලයට පැමිණි වත්මන් රාජ්‍ය රට අගාදයට පත් කර ඇති බවත් ඒමහතා වැඩි දුරටත් කියා සිටියේය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS