ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර පිහිටි ඇගේ නිවස වෙත අද (10) පෙරවරුවේ රැගෙන විත් තිබේ. මෙරට රසික රසිකාව...
ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර පිහිටි ඇගේ නිවස වෙත අද (10) පෙරවරුවේ රැගෙන විත් තිබේ.
මෙරට රසික රසිකාවියන් අතර ජනාදරයට පත් ප්‍රියානි ජයසිංහ මහත්මිය පානදුරේ අරුක්ගොඩ පිහිටි නිවසේදී පෙරේදා රාත්‍රීයේ ඝාතනයට ලක්විය.
මුලික විමර්ෂනවලදී අනාවරණ වුයේ ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට කතුරකින් සිදු කළ මරණීය තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.
ප්‍රියානි ජයසිංහ මහත්මිය මියයන විට 51 හැවිරිදි වියෙහි පසුවූ අතර ඇය දෙදරු මවක්.
ඇයගේ ඝාතනයෙන් පසු පලාගොස් සිටි සැකකාර සැමියා ඊයේ(09) උදෑසන පානදුර දුම්රියපොළ අසලදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු අද(10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසීය ප්‍රකාශ කළේය.
මේ අතර ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පෞද්ගලික මල්ශාලාවක සිට අද පෙරවරුවේ පානදුර පිහිටි ඇගේ නිවස වෙත රැගෙන විත් තිබේ.
COMMENTS