තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු අද(10) දිවුරුම් දී තිබේ. ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්...
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු අද(10) දිවුරුම් දී තිබේ.
ඒ අනුව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ලකී ජයවර්ධන මහතා මීට පෙර කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ජේ.සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කරන ලදී.
අද පැවති දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාද සහභාගී විය.
COMMENTS