දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

PropellerAds

ජ නතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නව රජය ගො...

සති 6යි! ඇමැතිකම් ගත් හරීන්ට මනූසට ඇමැතිකම්වලින් ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙයි!! (VIDEO)
සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව… ලීටරයකින් ලාබය රුපියල් 200යි…
ජනාධිපති හමුදා මූලස්ථානයේ සැගවිලා... ඔහු අද ඉල්ලා අස්විය යුතුයි... අපි දිනනවා - වසන්ත මුදලිගේ
නතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නව රජය ගොඩ නගනු ලැබුවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිව බවයි නව අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

රටටටත් ජන මතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ සඳහන්. 

නව වසරේ උදාව ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි. එබැවින් අප 2021 වසර පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණව බව ජනාධිපතිවරයා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ දැක්වෙනවා. සෞභාග්‍යයේ දැක්මේ ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප‍්‍රමුඛතම කාර්යයි. 

ඒ සඳහා මුළු මහත් රාජ්‍ය සේවයත්, පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වනවා. සෑම රාජ්‍ය සේවකයෙකුම තමාට පැවරෙන රාජකාරි කොටස මැනවින් ඉටු කරන්නේ නම්  ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

එම කැපවීම සෑම රජයේ සේවකයෙකුගෙන්ම බලාපොරොත්තු වන බවත්, එමෙන්ම සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවීමෙන් කටයුතු කිරීම ද අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

මෙරට මෙන්ම එතෙර වෙසෙන සියළු ශී‍්‍ර ලාංකිකයින්ටත් ඔවුන්ගේ දු දරුවන්ටත්, එළඹුණු නව වසර රෝග පීඩාවලින් තොර ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවායි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නව වසර වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සුරක්ෂිත දේශයක් වෙනුවෙන් මාතෘ භූමියේ අනාගතය උදෙසා ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරන බවයි එම සුබාශිංසන පණිවුඩයේ දැක්වෙන්නේ. 

අද අප මාතෘ භූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත්, කැප වන්නේත් මතු පරපුරේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. එබැවින් සමාජයීය, සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශී‍්‍ර ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩ නැගීමට එළඹුණු නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම සුබාශිංසන පණිවුඩයේ සඳහන්. අභිමානවත් ශී‍්‍ර ලාංකික සියළු ජනතාවට නිරෝගිමත් සුබ නව වසරක් වේවායි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබාශිංසන පණිවුඩයේ දක්වා තිබෙනවා.

එළඹුණු 2021 නව වසර නිසැකවම තීරණාත්මක එකක් වනු ඇති බව, නව වසර වෙනුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා. ජාති, කුල, ආගම් ආදී සියළු භේද දුරලා හදවතින් හා පිළිවෙතින් පෙළ ගැසෙන ලෙස සියළු ශී‍්‍ර ලාංකිකයින්ට ගෞරවයෙන් ආරාධනා කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. 

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. නව වසරේ ප‍්‍රමුඛතම අභියෝගය වන්නේ කොරෝනා නැමැති  ලෝක ව්‍යසනය පරාජය කිරීම බවයි එහි දැක්වෙන්නේ. එම අභියෝගය ජය ගැන්මට ජාති, ආගම්, කුල මල පමණක් නොව රටවල් ලෙසද බෙදී තනිවීමෙන් කළ නොහැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. 

ඒ වෙනුවට මුලූමහත් ලෝකයම පෙර නොවූවිරූ සංහිඳියාවකින් මෙන්ම සහයෝගිතාවයකින් එකට බැදිය යුතුයි. ලැබූ නව වසර අධිෂ්ඨානය,මානව දයාව,කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජයගත යුතුයි. ඒ වෙනුවෙන් සකල ශ‍්‍රීලාංකේය ජනතාවට ශක්තිය සහ ධෛර්යය ප‍්‍රාර්ථනා කරන බව ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්
ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj78YW2ZA_MkfQVzVGe7WW0WhR4qYXgEzmIDLB_muUopXgiOwQ2FAKF1Tbepq8rI3xsLGgGy86iIOC3X2g3NlAUYxPOaB3xPC-tsjwsvlyVxhlQ4N_RVI3fFVmRGhhuq9FF4TRRnldLta4/s320/3ed4c8779c4bee4c600e907c8471e63ce8bacefb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj78YW2ZA_MkfQVzVGe7WW0WhR4qYXgEzmIDLB_muUopXgiOwQ2FAKF1Tbepq8rI3xsLGgGy86iIOC3X2g3NlAUYxPOaB3xPC-tsjwsvlyVxhlQ4N_RVI3fFVmRGhhuq9FF4TRRnldLta4/s72-c/3ed4c8779c4bee4c600e907c8471e63ce8bacefb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy