දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව… ලීටරයකින් ලාබය රුපියල් 200යි…
Homeප්‍රවෘත්ති

සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව… ලීටරයකින් ලාබය රුපියල් 200යි…

PropellerAds

පාරිභෝගිකයාගේ සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව ! පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි...

යොවුන් පාර්ලිමේන්තුවේ හතරවැනි සැසිවාරය හෙට
දුම්වැටියක විෂ රසායන ද්‍රව්‍ය 4800ක්
දින 03ක් තුළ ගැටලු නොවිසදන නිලධාරීන්ට වැඩ වරදී
පාරිභෝගිකයාගේ සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව !
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය.

මේ වන විට කෝප් කමිටුව වෙත ඉදිරිපත්කර ඇති දත්තවලට අනුව පෙනී යන්නේ බලශක්ති අමාත්‍යවරයා විසින් පසුගියදා ටිවිටර් ඔස්සේ ඉදිරිපත් ඉන්ධන මිල ගණන් නිවැරදි නොවන බවයි. අමාත්‍යවරයා ඉදිරිපත්කර ඇති වත්මන් ඉන්ධන මිල සත්‍ය වියදමට වඩා රුපියල් 200.00කින් පමණ අධික මිලකි. දැනට පළවී ඇති රේගු දත්ත වලට අනුව රජයේ බදු ද ඇතුළුව සියළුම ඉන්ධන වර්ග රුපියල් 300.00ට වඩා අඩු මිලකට අලෙවි කල හැකි වේ. එහෙත් මේ වන විට භුමිතෙල් හැර අනෙකුත් සියළුම ඉන්ධන වර්ග රුපියල් 470.00ට වඩා වැඩි මිල ගණන් යටතේ අලෙවි වේ. ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් වලින් රජය හා පුද්ගලික සමාගම් රුපියල් රුපියල් 200.00 කට වඩා අධික ලාභයක් ලබන බව පෙනී යයි. ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන යන්ත්‍ර සදහා ඉන්ධන සපයනු ලබන්නේ අධික මිලට වන හෙයින් විදුලි ගාස්තු වැඩිකිරීමේ අවදානමක් ද පවතී. එසේ වුවහොත් එම බර දරන්නට සිදුවන්නේද මෙරට පාරිභෝගිකයාටමය.

ඉන්ධන මිල පිළිබද ව බලශක්ති අමාත්‍යවරයා හා රේගුව ඉදිරිපත්කරන දත්ත අතර විශාල පරතරයක් පවතී. එහෙත් මේ සම්බන්ධයෙන් විගණනයක් කිරීම රජයේ විගණකාධිපති වරයා විසින් පැහැර හැර ඇත. ලංකා ඛණිජ තෙල් සංස්ථාව මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටින්නේ සිංගප්පූරු ප්ලැට්ස් මිල යටතේ තමන්ගේ මිල ගණන් සාදන බවයි. නමුත් සත්‍යවශයෙන්ම මිල ගණන් සෑදිය යුත්තේ ඉන්ධන මිලදී ගන්නා රටෙහි ඉන්ධන ලබාදෙන මිල අනුව බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ අදහසයි. එසේ මිල ගණන් සෑදීම පාරිභෝගිකයාගේ පැත්තෙන් ලාභදායකය. සියළුම ඉන්ධන වර්ග රුපියල් 200.00කි න් අඩු කර හැකිව තිබියදී පාරිභෝගිකයින් සුරා කෑමට ඉඩ දී පාරිභෝගික අධිකාරිය ද නිහඩව බලා සිටී. දවස් හතරක් පහක් පෝළිමේ සිට ඉන්ධන ලබා ගන්නා පාරිභෝගිකයාගේ සාක්කුව ශුද්ධ කිරීමට සමාගම්වලට ඉඩ දෙනවානම් ඊට රජය සෘජුව වගකිව යුතුය. ඉන්ධන නියාමනය කිරීම සදහා ස්වාධින ආයතනයක අවශ්‍යතාවය අප විසින් මතු කර වසර ගණනක් ගතවුවද අද වන විටත් ඉන්ධන නියාමනය කිරීම සදහා ස්වාධින ආයතනයක් පත්කර නැත. අප රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල නියාමනයට ලක් කර සත්‍ය මිල තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීමට පියවර ගතයුතු බවයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව… ලීටරයකින් ලාබය රුපියල් 200යි…
සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව… ලීටරයකින් ලාබය රුපියල් 200යි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgm2Oq5f5DS8fiYbErDGqa5QaOJNxQhJx2K4un2Bszdd8-WeDw-YNRsl7bSgH68KAlnVTayveWuZmyCnop5xLIrHI2TYNU_qyyBtmok_VbE4-T5FOQFA_D_bhGSV-AlFuy9W_T7Mo-sE_REO9mLgHR48KrcNQTGqpEjWOG-iKHnXq7_ELgkt_YWX7sLMg/s320/oilt.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgm2Oq5f5DS8fiYbErDGqa5QaOJNxQhJx2K4un2Bszdd8-WeDw-YNRsl7bSgH68KAlnVTayveWuZmyCnop5xLIrHI2TYNU_qyyBtmok_VbE4-T5FOQFA_D_bhGSV-AlFuy9W_T7Mo-sE_REO9mLgHR48KrcNQTGqpEjWOG-iKHnXq7_ELgkt_YWX7sLMg/s72-c/oilt.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/200.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/200.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy