කො ළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් වලින් 49%ක් ඉන්දියාවට සහ ජපානයට දෙන බව බවත් එම ආයෝජන එම ආණ්ඩු විසින් දෙනු ලබන්නේ කාටද යන්න තමන් නොදන්...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් වලින් 49%ක් ඉන්දියාවට සහ ජපානයට දෙන බව බවත් එම ආයෝජන එම ආණ්ඩු විසින් දෙනු ලබන්නේ කාටද යන්න තමන් නොදන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
එම රටවලට ඒ සඳහා බලපෑමක් කිරීමට ද ශ්‍රී ලංකා රජයට හැකියාවක් නැති බවත් ඔහු පැවසීය.
දැනට තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවට 51% කොටස් තබාගෙන ඉන්දියාවට හා ජපානයට අනෙක් 49% කොටස් ලබා දීමට යැයි ද ඔහු පවසයි.
මෙම 49%ක කොටස් දේශීය ආයෝජකයෙකුට නොදුන්නේ මන්දැයි බොහෝ පිරිස් විමසන බවද කී ඇමතිවරයා දැනටමත් එම පර්යන්තයට සිදුවන ප්‍රතිඅපනයන වලින් බහුතර ප්‍රමාණයක් ඉන්දියාව සමඟ සිදුවන බැවින් ඉන්දියාව ඊට මැදිහත් කර ගත යුතුම යැයි ද ඔහු කියා සිටියේය.
ප‍්‍රතිඅපනයනය කටයුතු එක දිනකින් නවත්වාලීමට ඉන්දියාවට ඇති හැකියාව අමතක කළ යුතු නැති බවද ඔහු සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේය කොලඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවකදීය.
වරායේ කොටස් ලබාදීම ව්‍යාපාරික කටයුත්තක් බවත් එම කටයුත්ත සාකච්ඡාවලින් එක තැනකට පැමිණීමෙන් වඩාත් සාර්ථක වනු ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

COMMENTS