ඓතිහාසික විජිතපුර බලකොටුවේ සීමාවට අයත් ප‍්‍රදේශයක පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නටඹුන්වලට දැඩි හානි වූ පුවතත් අනුරාධපුරය, ඉපලෝගම ප...
ඓතිහාසික විජිතපුර බලකොටුවේ සීමාවට අයත් ප‍්‍රදේශයක පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නටඹුන්වලට දැඩි හානි වූ පුවතත් අනුරාධපුරය, ඉපලෝගම ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. එලෙස හානි සිදුව ඇත්තේ නිසි අවසරයකින් තොරව මුස්ලිම් පල්ලියක තාප්පයක් ඉදිකිරීම හේතුවෙන්.
මීට දින කිහිපයකට පෙර මෙම තාප්පය ඉදිකර ඇති බව අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලය පවසනවා. අනුරාධපුර ඉපලෝගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අදාළ ප‍්‍රදේශය විජිතපුර බලකොටුවට අයත් බවටයි පැවසෙන්නේ. නිසි අවසරයකින් තොරව ඉදිකළ මෙම තාප්පය හේතුවෙන් සිදුවූ පුරාවිද්‍යාත්මක හානිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ද සිදුකර තිබෙනවා. ඊට අදාළ වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටත්, යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඓතිහාසික යාපහුව රාජධානියට අයත්, කිරිඉතුරුම් මැඩිල්ල,
ශ‍්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටඹුන් රැසක් ද, මේවනවිටත් විනාශ වී ඇති බව වාර්තා වනවා. කුරුණෑගල දිස්ති‍්‍රක්කයට අයත් මහව කොට්ඨාශයේ පිහිටි මෙම නටඹුන්වලට හානි සිදුව ඇත්තේ අසල පෞද්ගලික ඉඩමක හිිමිකරුවෙකු, සිය ඉඩම ඩෝසර් කිරීමත් සමගයි.
එමෙන්ම තාප්පය ඉදිකළ පල්ලියට යාබද නිවසක තිබී ඇඹරුම්ගලක් සොයාගත් අතර එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සෙල්ලිපියක් බවට සැකකෙරන බව පොලීසිය පවසයි.

COMMENTS