නිවන චේතෝ විමුක්තියයි. සිතිවිල්ලෙන් මිදීමයි. සිතිවිල්ල නැවැත්වීමයි. “අකුප්පා මේ චේතෝ විමුක්ති”- ධම්ම චක්ඛ පවත්තන සූත්‍රය. එසේ නම් දානයක්...
නිවන චේතෝ විමුක්තියයි. සිතිවිල්ලෙන් මිදීමයි. සිතිවිල්ල නැවැත්වීමයි. “අකුප්පා මේ චේතෝ විමුක්ති”- ධම්ම චක්ඛ පවත්තන සූත්‍රය.
එසේ නම් දානයක් දී හොඳ සිතිවිල්ලක් නිපදවා ගැනීම නිවනට බාධාවකි. නිවනේ හොඳ නරක නැත. කෙසේ වෙතත් දානයකට පසුව කියවෙන “ආයු වන්නෝ සුඛං බලං” යන්න තදබල රැවටීමකි. නැති මට ආයු වර්ණ සුඛ බල ලැබෙන්නේ කෙසේද? නිවන ඈත් වන්නේ, එවැනි දෙයක් ලැබීමට බලාපොරොත්තු වන්නේ “මම” නිසා ය.
මෙය දැන දැනත් පූජ්‍ය පක්ෂය එවැනි දෙයක් නිතර පැවසීම පිරිසිදු බුදුදහම නොවේ. කෙසේ වෙතත් සිදුහත් තවුසා බුදුවීමට පෙර අභිනිෂ්ක්‍රමණයට පසු කාලයේ ජීවත් වන අවධියේදී බුදු වීම සඳහා දන් දීමක් කළේ නැත. පෙර ජීවිතවල උන් වහන්සේ දරුවන් දන් දී ඇති බව පොත්වල සඳහන් වේ. දරුවන් දන් දීම දැන් කල බන්ධනාගාර ගත වන වරදකි. එය එසේ වූ බව සඳහන් වන්නේ කවුරු හෝ ලියන ලද නවකතාවක් නිසා ය. තවද හිස ද ගළවා දන් දුන් බව පොත්වල සඳහන් වේ. හිස අතින් අල්ලාගෙන සිටින පින්තූරයක් ද පොත්වල ඇත. එසේ තම හිස කයෙන් වෙන් කොට සිහියෙන් අවදි වී අතින් එල්ලාගත හැක යනු සුරංගනා කතාවකි. අවාසනාවකට මෙන් දුප්පඤ්ඤ ජනතාව මේවා ඇත්ත කතා යැයි විශ්වාස කරති.
නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර කොට දානයක් දීමෙන් “මම” යන අදහස බිඳ දමා, සීල වෘත “සීලබ්බත පරාමාස” වලින් මිදෙන්නේ කෙසේද යන්න අද ජනතාව සොයා බලන දෙයක් නොවන ලෙස බුද්ධාගමෙන් ඔවුන්ගේ මොළ මොට්ට කර ඇත.
දානය යනු ඇතහැරීමයි. දීම නොවේ. දීලා ඉදිරියට යම් දෙයක් බලාපොරොත්තුවෙන් ඇදීමත් නොවේ. කෙසේ වෙතත් දානය දෙන්නාගේ තණ්හාව නැතිවූවත්, දානය ගන්නා අයගේ තණ්හා වැඩි වන බව දැන් කල දකින්නට ලැබෙන අවාසනාවන්ත සිද්ධියකි.
විනය අතින් ඉතාමත්ම පරිහානියකට ලක් වූ මෙකල බුදුන් වහන්සේ දෙසූ දහම අනුව දානයෙන් නිවන් නොදකින බව තේරුම් කර දෙන්නේ කවුරුන් විසින්ද? කවදාද?
- වෛද්‍ය ගාමිනී අභය
පසු සම්බන්ධයි.
සබැඳි සටහන්
බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය, අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇතhttp://ift.tt/2xjgZCX;බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය, අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇතhttp://ift.tt/2xjgZCX;බුද්ධ දර්ශනය 2- මාර්ග ඵල ලාභීන් බිහිනොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?http://ift.tt/2xqRGCZබුද්ධ දර්ශනය - 3 - බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?http://ift.tt/2yOQOZ4බුද්ධ දර්ශනය - 4 - බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද?http://ift.tt/2zK6omdබුද්ධ දර්ශනය - 5- බුද්ධාගමේ පදනම වන දාන සීල භාවනාවලින් නිවන් දැකිය නොහැක. http://ift.tt/2iKP8ZU
COMMENTS