දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිඥ සංගමය බළල් අතක්ද? - කේ ඩබ්ලිව් ජනරංජන
Homeප්‍රවෘත්ති

නීතිඥ සංගමය බළල් අතක්ද? - කේ ඩබ්ලිව් ජනරංජන

PropellerAds

  අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන නීතිඥ සංගමය හදිසි කවුන්සිල රැුස්වීමක් කැඳවූයේ පසුගිය 23 වැනි සඳුදාය. සාමාන්‍යයෙන් සඳුදා දින යනු නීතිඥ...

ආණ්ඩුවට කොන්දේසි දමන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි
කතරගම දේවාලයේ බහිරවයෙක්... කෝටි 5ක මැණිකකුත් අතුරුදන්!
ආණ්ඩුවේ ඇමැතිකමේ ඉන්න-ආණ්ඩුවේ නිලනිවසේ ඉන්න- ආණ්ඩුවේ වාහනේ පදින දයාසිරිට ආණ්ඩුව හොඳ නැතිලු - පොහොට්ටුවෙන් දයාසිරිට සැර උත්තරයක් (VIDEO)
නීතිඥ සංගමය බළල් අතක්ද? - කේ ඩබ්ලිව් ජනරංජන

 

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන නීතිඥ සංගමය හදිසි කවුන්සිල රැුස්වීමක් කැඳවූයේ පසුගිය 23 වැනි සඳුදාය. සාමාන්‍යයෙන් සඳුදා දින යනු නීතිඥවරුන්ට කාර්ය බහුල දිනයකි. ඒ නිසා බොහෝ නීතිඥවරු මේ රැුස්වීමට නොආහ. රැුස්වීමට සහභාගි වූ පිරිස 45ත් 50ත් අතර විය. එහෙත්, අවසානයේ නීතිඥ සංගමය හැටියට නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත්කොට තිබුණි. එයින් අරුම පුදුම ප‍්‍රශ්න ටිකක් රජයෙන් අසා තිබුණි. රජයෙන් කිව්වාට රජයේ කාගෙන්දැයි කියාද පැහැදිලි නැත. ඒ ප‍්‍රශ්න මෙසේය.
1. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව කුමක්ද? 2. (අ* ශ‍්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද? (ආ* එසේ නම්, ඒකීය රාජ්‍යය යන සංකල්පය කෙටියෙන් පැහැදිලි කරන්න. 3. පළාත්වලට කුමන බලතල පවරන්නේද? 4 (අ* මධ්‍යම රජයට හෝ පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් එම බලතල ආපසු ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේද? (ආ* එසේ නම්, ඒ කුමනාකාරයෙන්ද? 5. යම් සුදුසු තත්වයන් යටතේදී ජනාධිපතිවරයාට තම බලය සෘජුව පළාත් තුළ ක‍්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇද්ද? 6. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේද? 7. (අ* අධිකරණ ව්‍යුහය කුමක්ද? (ආ* ව්‍යවස්ථා අධිකරණයක් තිබේද? (ඇ* එසේ නම්, අධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කරන්නේ කෙසේද? 8. (අ* ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කරන්නේ කෙසේද? (ආ* 1. එම පත්කිරීම් සඳහා යම් ක‍්‍රමවේදයක් තිබේද? 2. එසේ නම්, ඒ ක‍්‍රමවේදය කුමක්ද? 9. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කරන්නේ කෙසේද? 10. දිවයින පුරා ඇති දිසා අධිකරණ හා මහේස්ත‍්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් පත්කරන්නේ, ඔවුන් ස්ථාන මාරුකිරීම් හා විනය පියවර ගනු ලැබීම අධිකරණ සේවා කොමිසමෙන් පමණක් සිදු කරනු ලබන්නේද? 11. (අ* ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බලාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් මොනවාද? (ආ* එම මූලික අයිතිවාසිකම් බලාත්මක කරන්නේ කුමන අධිකරණවලින්ද? 12. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනනුකූල පනත් සීමාසහිත කාලයක් තුළ විමර්ශනය කිරීමේ බලය අධිකරණයන්ට ඇත්ද?
මෙහි 7 සිට 11 දක්වා ප‍්‍රශ්න, ව්‍යවස්ථා කෙටුම්පතක් සමඟ සාකච්ඡුා කළ යුතු, නීතිඥ සංගමයටද ඒ ගැන යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට හැකි ආකාරයේ ක්‍ෂෙත‍්‍රයන්ට අදාළය. ඇත්ත වශයෙන්ම ඒ ප‍්‍රශ්න කේක් ගෙඩියක අයිසින් වැනිය. වැදගත් ප‍්‍රශ්න වන්නේ 1 සිට 6 දක්වා ප‍්‍රශ්නයි. ඒවා ගැන කල්පනාවෙන් සිතන කෙනකුට පැහැදිලි වන්නේ, මෙහි තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ව්‍යවස්ථා විරෝධී අන්තවාදීන් මේ කාලයේ හැම තැනම කියන ‘පිළිතුරු’වලට අදාළ ‘ප‍්‍රශ්න’ බවයි. අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව ඒ අන්තවාදීන් කියන විට, නීතිඥ සංගමය එය ප‍්‍රශ්නයක් බවට පෙරළා, නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව කුමක්ද?’යි අසයි. ලංකාවේ ඒකීයභාවය නව ව්‍යවස්ථාවකින් නැතිවෙනවාය කියා අන්තවාදීන් පිළිතුරු දෙන විට නීතිඥ සංගමය, ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද? කියා අසයි. ඉතිරි ප‍්‍රශ්නත් ඒ විදියටම ඒ අන්තවාදීන්ගේ මතය දෙස බලාගෙන නිර්මාණය කරන ලද ප‍්‍රශ්නය.

අලූත් ව්‍යවස්ථාව ගැන බොරු මැවීම මෙපමණ කල් කරගෙන ආවේ 2015දී පරාජිත දේශපාලන බලවේග හා සිංහල බෞද්ධ අන්ත ජාතිකවාදීනුත්, ඔවුන් සමග එක පෙළට සිටගත් විවිධ සංඝ පාර්ශ්වත්, සංඝ සභාත්, නිකායනුත්ය. ව්‍යවස්ථාවක් ගැනවත් ආණ්ඩු ක‍්‍රමයක් ගැනවත් හරි හැටි නොදැන, කවුරු හරි ලියා දෙන දේවල් මත පදනම්ව මේ හිමිවරු, පසුගිය දිනවල ඇති තරම් බොරු හා අර්ධ බොරු ව්‍යවස්ථා ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් වැපිරූහ. දැන් ඒ පෙරහරට අලූතෙන්ම එකතුවී තිබෙන්නේ නීතිඥ සංගමයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය, ව්‍යවස්ථාව, ආණ්ඩුක‍්‍රමය ගැන භික්‍ෂූන් වහන්සේලා හා අනෙක් අන්තවාදීන්ට ඇති දුප්පත් දැනුම ගැන සලකා ඔවුන්ගේ ළාමක තර්ක ඉවසාගෙන සිටියත්, නීතිඥ සංගමය වැනි ව්‍යවස්ථා නීතිය, ආණ්ඩුක‍්‍රමය, ආණ්ඩුක‍්‍රම ඉතිහාසය, බල හවුල්කාරිත්වය යනාදි විෂයයන් ගැන පරතෙරට ගිය දැනුමැති පුද්ගලයන් ඒකරාශිවී සිටින ප‍්‍රබුද්ධ වෘත්තික සංගමයක් මෙවැනි පක්‍ෂග‍්‍රාහී, එමෙන්ම ළාමක හා නිශේධනීය ප‍්‍රශ්න අසන විට කනගාටුවක් දැනෙන්නේ, මේ ලිපිය ආරම්භයේදීම ඇසූ ප‍්‍රශ්නය පැනනගින නිසාය. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය දැන් රාජපක්‍ෂවරුන්ගේ බළල් අතක් වෙලාද?

පසුගිය නිලවරණයට සභාපති අපේක්‍ෂකයා හැටියට එහි වත්මන් සභාපති යූආර් ද සිල්වා ඉදිරිපත් වූ විට, කිසිම දේශපාලන කාරණයක් ගැන නොබලා විශාල පිරිසක් ඔහුගේ සහායට පැමිණියා පමණක් නොව, ඔහුට ඡුන්දය ද දුන්නෝය. ඔවුන්් අතර, පසුගිය ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ රෙජිමය පරදවන්නට මුල් තැන ගෙන කටයුතු කළ නීතිඥ ප‍්‍රජාවේ විශාල පිරිසක්ද වූහ. ඒ සිල්වා මහතා ඉතාමත් ජනප‍්‍රිය හා නිහතමානී, නීතිඥවරුන්ගේ සුබසාධනය ගැන විශාල උනන්දුවක් දක්වන, කනිෂ්ඨ හා ආධුනික නීතිඥවරුන්ට මෙන්ම නීති ශිෂ්‍යයන්ටද අසීමාන්තිකව උදව් උපකාර කරන, වචනයේ පිරුණු අරුතෙන්ම මහත්මයකු නිසාය. එහෙත්, 2015 ජනවාරි මාසයේදී පරාජය කරන ලද පරණ දේශපාලන බලවේගවල ඉතුරුබිතුරු ඒ නිලවරණයේදී සිල්වා මහතා වටා රොද බැඳ සිටිනු දුටු සමහරුන්, අනාගතයේ නීතිඥ සංගමයට විය හැකි අබග්ගය ගැන සැක පළනොකළාද නොවේ. අද ඒ සැකය තහවුරු වෙමින් තිබේ. ඇත්ත වශයෙන්ම නීතිඥ සංගමය අද මෙහෙයවන්නේ එහි උපසභාපති, ගෝඨාභය රාජපක්‍ෂගේ නීතිඥවරයාද වන, රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ තානාපතිකමක් දැරුවා වූද, ජනාධිපති නීතිඥ අලි සබ්රි හා ඔහු සමඟ සිටින රාජපක්‍ෂ අවතාර විසින්ද යන සැකය පැනනැගී තිබේ. රාජපක්‍ෂ පාලනය අවසාන කාලයේ අගවිනිසුරු ධුරයේ සිටි නීතිඥ මොහාන් පීරිස්ගේ සමීපතමයෝද ඒ අවතාර අතර වෙති. යළිත් රාජපක්‍ෂ පවුලට බලය ඩැහැගැනීමේ බළල් අතක් ලෙස ඔවුහු අද නීතිඥ සංගමය සාමූහිකව පාවිච්චි කරමින් සිටිති. වර්තමාන සභාපතිවරයා මේ පිරිසගේ ග‍්‍රහණයට හසුවී සිටින්නේද? අද සභාපතිවරයාට, තමන් සභාපති ධුරයට ඔසොවා තැබූ සියලූ පාර්ශ්වවල ඕනෑ එපාකම් ගැන සලකා බැලීමට අවශ්‍ය සාධාරණ මනස හා එළැඹ සිටි සිහිය අහිමිවී තිබේද? ඒ වෙනුවට රාජපක්‍ෂවරුන්ට වුවමනා දේ, ඔවුන්ගේ නීතිඥවරයා වන උපසභාපතිවරයා හරහා නීතිඥ සංගමයේ මුද්‍රාව යටතේ ඉටුකෙරෙන්නේද?

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකට එරෙහිව පසුගිය දිනවල නීතිඥ සංගමය ඉදිරියට පැමිණ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලද එවැනි රාජපක්‍ෂ පන්නයේ වැඩකි. නීතිඥ සංගමය මෑත කාලයේ එවැනි සිල්ලර වැඩ පස්සේ ගිය සංගමයක් නොවේ. ඒ වෙනුවට රටේ නීතියට, අධිකරණයට, අධිකරණයේ ස්වාධීනත්වනයට අදාළ වැදගත් ප‍්‍රශ්න ඕනෑ තරම් සංගමයට තිබේ. එවැනි ප‍්‍රශ්න බහුලවම තිබුණු, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේත්, සරත් නන්ද සිල්වා අපකීර්තිමත් අගවිනිසුරුවරයාගේත් ග‍්‍රහණයට අධිකරණය හසුවී තිබුණු කාලයේ අධිකරණයේ ස්වාධීනත්වයට හෝ නීතිඥවරුන්ගේ ගරුත්වයට සිදුවුණුු හානි ගැන කතාකරන්නට අද සංගමයේ සිටින ප‍්‍රබල නිලධාරීන් එදා ආවේ නැත. උදාහරණයක් හැටියට, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව කැලෑ නීතිය යටතේ කැලෑ උසාවියකින් නඩු අසා අගවිනිසුරු ධුරයෙන් ඇය අසාධාරණ ලෙස පහකෙරෙන විට, අද උපසභාපති ඇතුළු අනෙකුත් අය හිටියේ රාජපක්‍ෂවරුන්ගේ අත්තනෝමතික ක‍්‍රියා සාධාරණය කරමිනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා, සන්ඬේ ලීඩර් පුවත්පතට එරෙහිව දැමූ නඩුව ගල්කිස්ස් අධිකරණයේ කැඳවූ කාලයේ, ගෝඨාභය රාජපක්‍ෂ උසාවියට එනවිට ඔහුගේ ආරක්‍ෂාව සඳහායැයි කියමින් ගල්කිස්ස උසාවියේ කිසිම නීතිඥවරයකුගේ වාහනයක් උසාවි භූමියට ඇතුළු කරන්නට ආරක්‍ෂක අංශ දුන්නේ නැත. සියලූ නීතිඥවරුන්ට එදින සිටින්නට සිදුවුණේ ගෝඨාභයගේ රැුස්වළලල්ටත් ආරක්‍ෂක නිලධාරීන්ගේ අණටත් යටහත්ව කීකරුවය. ඒ වේලාවේ ගෝඨාභයගේ නීතිඥවරුන් හැටියට සිටි කිසිවෙකු, ගල්කිස්ස උසාවියේ නීතිඥවරුන්ගේ අභිමානය හා ගෞරවය ආරක්‍ෂා කරගන්නට කතාකළ බවක් අප දන්නේ නැත.

78 ව්‍යවස්ථාව වෙනුවට අලූත් ව්‍යවස්ථාවක් හදාගත යුතුයැයි එන්එම් පෙරේරා වැනි විද්වතුන් 1978 සිටම කී බවද, 2015 ජනවාරි 8වැනිදා මේ රටේ බහුතර ජනතාවක් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා ඡුන්දය දුන් බවද. චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ, මෛත‍්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් සිය ජනාධිපතිවරණවලදී විධායක ජනාධිපති ක‍්‍රමය නැති අලූත් ව්‍යවස්ථාවක් හදන බවට පොරොන්දුවූ බවද, වර්තමාන ජනාධිපතිවරයා හා අගමැතිවරයා පත්වුණු දා සිට හැම අවස්ථාවකදීම, අලූත් ව්‍යවස්ථාවක් ගෙන එන බව පුනපුනා කියන බවද, 2016 මාර්තු 9වැනිදා මුළු පාර්ලිමේන්තුවම ඒකමතිකව අලූත් ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවක් සම්මත කළ බවද අමතක කොට, නීතිඥ සංගමය ‘නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව කුමක්ද?’ යන ප‍්‍රශ්නය අසන විට, සංගමය සිය මතකය අහිමි කරගත් කාගේ හෝ රූකඩයක් බව තවත් පැහැදිලි වෙයි.

නීතිඥ සංගමය දේශපාලනයෙන් තොරවූවක් නොවේ. 1987-89 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදුකළ තිරශ්චීන අතුරුදන්කිරීම්වලට එරෙහි වන විටත්, රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ ආචාර්ය බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධ වන විටත් ඊට දේශපාලනයක් තිබුණි. ඒ ඒ කාලයේ සිටි සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් අදත් පක්‍ෂ භේදයෙන් තොරව ගෞරවයට පාත‍්‍රවන්නේ රාජ්‍ය හිතුවක්කාරකම්වලට එරෙහිව නීතියේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්ම මත පිහිටා සටන් කළ නිසාය. ඒවා අද නීතිඥ සංගමය කරන්නාක් වැනි සිල්ලර පක්‍ෂ දේශපාලන වැඩ නොවේ.

ආණ්ඩුවේ ප‍්‍රයත්නය පැත්තක තබා කතා කළහොත්, වර්තමාන ප‍්‍රශ්නවලට හා අනාගත නව ලෝක අභියෝගයන්ට මුහුණ දිය හැකි දියුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලංකාවට අවශ්‍ය නැතැ’යි නීතිඥ සංගමය සිතන්නේද? පවතින අධිකාරිවාදී ව්‍යවස්ථාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම උදෙසා අත්‍යන්තයෙන්ම සුදුසුයැයි නීතිඥ සංගමය සිතන්නේද? නව සියවසක අභියෝග හමුවේදීත් ලංකාවේ ඒකීය රාජ්‍ය ආකෘතියම තිබිය යුතුයැයි නීතිඥ සංගමය සිතන්නේද? පළාත්වලට පවරන බලතල මධ්‍යම රජයට අවශ්‍ය විටෙක ඒකපාර්ශ්වීයව ආපසු ලබාගැනීමට හැකියාවක් තිබිය යුතුයැයි සිතන්නේද? ජනාධිපතිවරයාට තම බලය සෘජුව පළාත් තුළ ක‍්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබිය යුතුයැයි සිතන්නේද? අත්තනෝමතික විධායක ජනාධිපතිධුරය අහෝසි නොකළ යුතුද? දියුණු රටක් හැටියට ව්‍යවස්ථා විෂය ගැන විශේෂඥතාවක් ඇති වෙනම අධිකරණයක් අවශ්‍ය නැද්ද? මූලික අයිතිවාසිකම් නඩු විභාග බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහළ අධිකරණයකට ලබාදිය යුතු නැද්ද?
රාජපක්‍ෂ බළල් අතක් නොවේ නම්, නීතිඥ සංගමය කළ යුතුව තිබුණේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ගැන පක්‍ෂ හා විපක්‍ෂ අදහස් දරන, ව්‍යවස්ථාව, බල හවුල්කාරිත්වය, අධිකරණ පද්ධතිය, ආණ්ඩුක‍්‍රම වැනි විෂයයන් ගැන ප‍්‍රාමාණික නීතිඥවරුන් මෙන්ම විද්වතුන්ද ගෙන්වා ප‍්‍රබුද්ධ සංවාදයක්, මහජන බුද්ධිය හා සංවාද පරිමණ්ඩලය පුළුල් කරන, රටට අවශ්‍ය අලූත් ව්‍යවස්ථාවක මුහුණුවර ගැන විද්වත් සාකච්ඡුාවක් සංවිධානය කිරීමය. ඒ වෙනුවට පනහකටත් අඩු පිරිසක් ගෙන්වාගෙන සංගමයේ රාජපක්‍ෂවාදී අවතාරවල වුවමනා එපාකම් අනුව ළාමක ප‍්‍රශ්න පත‍්‍රයක් හදා, එය නීතිඥ සංගමයේ සමස්ත මතය හැටියට හුවාදක්වමින් කරන මේ විප‍්‍රකාර දුටුවිට, එය පෙනෙන්නේ අලූත් ව්‍යවස්ථාවකට එරෙහි අන්තවාදී හා පරාජිත දේශපාලන බලවේගවල ප‍්‍රකාශකයකු හැටියට නීතිඥ සංගමයද මේ වන විට වැඩ බාරගෙන ඇති ආකාරයකිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිඥ සංගමය බළල් අතක්ද? - කේ ඩබ්ලිව් ජනරංජන
නීතිඥ සංගමය බළල් අතක්ද? - කේ ඩබ්ලිව් ජනරංජන
http://ift.tt/2lrefSB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_329.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_329.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy