මෙම විවාදය හෙට සහ අනිද්දා දෙදින ද ඇතුළත්ව දින තුනක විවාදයක් ලෙසින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ. 2016 මාර්තු මස 9 වන දා සම්මත ක...
මෙම විවාදය හෙට සහ අනිද්දා දෙදින ද ඇතුළත්ව දින තුනක විවාදයක් ලෙසින් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.
2016 මාර්තු මස 9 වන දා සම්මත කළ යෝජනා මඟින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ඇතුළත් ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවනු ලැබුණු අතර ඊට සහය වීම සඳහා සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සැදුම් ලත් මෙහෙයුම් කමිටුවක් පත් කෙරිණි. 2016 අප්‍රේල් 05 වන දින පත් කෙරුණු මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2017 සැප්තැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතුරු වාර්තාව මෙසේ අද සිට විවාදයට ගැනීමට නියමිතව ඇත.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක නිරත වන බවද වාර්තා වේ.
- රංජිත් නිශාන්ත
COMMENTS