දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහිලා ඉවරයි දැන් වෛරසය පස්සෙන් දුවන එක කරන්නේ - උපුල් රෝහණ
Homeප්‍රවෘත්ති

කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහිලා ඉවරයි දැන් වෛරසය පස්සෙන් දුවන එක කරන්නේ - උපුල් රෝහණ

PropellerAds

කො විඩ් 19 වසංගතය මේ වන විට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ආකාරයට හසුරුවීමට හෝ පාලනය කරගැනීමට හැකියාවක් නැති අතර වෛරසය හැසිරෙන ආකරයට වෛරසය පිටුපසින්...

ගෝඨාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි.. ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව දිනපතා අහයි.. ජනාධිපතිවරණය ප‍්‍රචාරක කටයුතු අහිමි වේ !
රනිල් ආවත්, සජිත් ආවත් ගෝඨා දිනනවා.. කරු අවොත් ගෝඨා පරදිනවා - සමීක්‍ෂණයකින් හෙලිවෙලා
මං ජනාධිපති වුණාම ජනාධිපති මන්දිර ජනසතු කරනවා.. හිටපු ජනාධිපතිලාට පිං පඩියක් ගෙවනවා - අනුර දිසානායක
කොවිඩ් 19 වසංගතය මේ වන විට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ආකාරයට හසුරුවීමට හෝ පාලනය කරගැනීමට හැකියාවක් නැති අතර වෛරසය හැසිරෙන ආකරයට වෛරසය පිටුපසින් යන ආකරයක් තවදුරටත් පෙනෙන්නට ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කළේය. 

''ලංකාවේ බොහෝ ප්‍රදේශ ගත්තහම අපිට ඕන විදිහට කොවිඩ් වෛරසය හැසිරෙන්න නැහැ. ඒ වගේම පාලනය කරගන්න බැහැ කියන එක පැහැදිලිව පේනවා. ඒකෙන් අනික් පැත්තට අපි කියන්නේ නැහැ සෞඛ්‍ය බලධාරීන් හෝ සෞඛ්‍ය සේවකයන් රාජකාරි කරන්නේ නැහැ කියල. නමුත් තවදුරටත් කොවිඩ් 19 වසංගතය සෞඛ්‍ය සේවාවට ඕන විදිහට හසුරුවන්නවත් පාලනය කරගන්නවත් හැකියාව නැහැ කියන එක තමයි අපට පෙනෙන්නේ. සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය පරිදි කොවිඩ් වෛරසය හසුරුවා ගන්න බැහැ.  වෛරසය හැසිරෙන ආකරයට අපි වෛරසය පිටුපසින් යන ආකරයක් තමයි තවදුරටත් අපට පෙනෙන්නේ.'' යනුවෙනුයි ඔහු සඳහන් කළේ. 
 
රට තුළ ඇති වූ කොවිඩ් දෙවන රැල්ල මේ වන විට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය පසුකරමින් අනෙකුත් ප්‍රදේශ ආසාදනය කරමින් වාර්තා වෙන අතර 
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මේ වන විටත් පාලනය වුණු බවක්  පෙනෙන්නට නොමැති බව උපුල් රෝහණ මහතා කියාසිටියේය.   

''කොළඹ  උතුරු ප්‍රදේශයෙන්  ඇරඹුණු  ව්‍යාප්තිය කොළඹ දකුණු ප්‍රදේශය කරා ගමන් කරමින්,ආඩු අදායම්ලාභීන්, පැල්පත්වාසීන්  හා මහල්  නිවාසවල ආසාදනය පැතිරෙමින් තිබෙනවා. ඒවගේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විශාල අනු පොකුරු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ලංකාවේ කොවිඩ් සම්බන්ධ  විශේෂඥයින් මේ වෙද්දී රටේ තිබෙන සැබෑ තත්ත්වය මහජනතාවට කියන්න ඕනේ. තවදුරටත් කොවිඩ් සමාජගත වෙලා නැහැ කියල ඔවුන් කරන ප්‍රකාශය කොතරම් වලංගුද යන්න නැවත වරක්  විශේෂඥවරුන්ට කල්පනා කරලා බලන්න කියල අපි ප්‍රකාශ කරන්න කැමතියි'' 

එමෙන්ම කොවිඩ් කාර්ය සාධක බලකාය ඇතැම් හොද තීරණ ගන්නා නමුත් පෙනෙන්නට ඇත්තේ බිම් මට්ටමේ පවතින අත්දැකීම් සහ බිම් මට්ටමේ පවතින ගැටලුවලට අවශ්‍ය විසඳුම් නොගන්නා බවද හෙතෙම සඳහන් කරන ලදී. 

''සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝධායනය සඳහා චක්‍ර ලේඛ විශාල සංඛ්‍යාවක් නිකුත් කරලා තිබෙනවා. ඉතාම ව්‍යාකූල තත්ත්වයක බිමේ නිරෝධායන කටයුතු පත්වෙලා තිබෙනවා මේ චක්‍ර ලේඛවල තිබෙන ව්‍යාකූලභාවය නිසා. බිමේ අත්දැකීම් නැතුව යම් යම්  චක්‍ර ලේඛ නිකුත් කිරීම නිසාත්  බරපතල ගැටලුවලට බිම් මට්ටමේ මුහුණ පලා තිබෙනවා.'' යනුවෙන් තවදුරටත් උපුල් රෝහණ මහතා කියාසිටියේය.  

මේ හරහා යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවදානමට මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පත්ව සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ. 

ඉදිරි උත්සව සමය තුළ රට ලොක් ඩවුන් කළ යුතුය යන මතයේ නැතත් රජය සහ මහජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය. 

වගකීමෙන් යුතුව රජය සහ මහජනතාව හැසිරුණේ නැත්නම් මේ නත්තල අවසන් වන්නේ කොවිඩ් 19 විශාල ලෙස ව්‍යාප්ත වී ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී බව බවද ඔහු කියාසිටින ලදි .


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහිලා ඉවරයි දැන් වෛරසය පස්සෙන් දුවන එක කරන්නේ - උපුල් රෝහණ
කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහිලා ඉවරයි දැන් වෛරසය පස්සෙන් දුවන එක කරන්නේ - උපුල් රෝහණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgz8Hne8K3y5LIf0Nxn27KzFPuFm_uk_hrWQ0NdxbXPXS3P-y7AnTmmsLRmNKy5xMJpKlRquxc0wKrEyd2YC9lsgLXfNdFCNnCp3xA0fcP5H3Nq2pKmFM-MTvChalgMg46vMY1LOFEKmX0/s320/upul.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgz8Hne8K3y5LIf0Nxn27KzFPuFm_uk_hrWQ0NdxbXPXS3P-y7AnTmmsLRmNKy5xMJpKlRquxc0wKrEyd2YC9lsgLXfNdFCNnCp3xA0fcP5H3Nq2pKmFM-MTvChalgMg46vMY1LOFEKmX0/s72-c/upul.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_271.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_271.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy